IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රථගාල් කිරීමේදී ස්වයංක්‍රීය ගාස්තු අයකිරීම ගැන පැමිණිලි 60,000 ක්

(ජයන්ත සමරකෝන්)

කොළඹ මහ නගර සීමාව තුළ තෝරා ගත් ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක රථ ගාල් කිරිමේ ස්වයංක්‍රීය ගාස්තු අය කිරිමේදී සිදුවන ආසාධාරණ මුදල් සම්බන්ධ පැමිණිලි 60,000 ක් පමණ මේ වනවිට නගර සභාවට ලැබී ඇතැයි නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා පැවසීය.

ගාලු පාර හා ඒ අවට අතුරු මාර්ගවල 2015 සිට ක්‍රියාත්මක වන මෙම ගාස්තු අයකිරිමේදී සිදුවන අසාධාරණ දඩ මුදල් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි මත 2018 වන දිනක සිට එම දඩ මුදල් අයකිරිම නගරාධිපතිනිය විසින් අත්හිටවනු ලැබූවද එය නැවතත් රහසේම ක්‍රියාත්මක වන බවද මන්ත්‍රීවරයා කීය.

ඉතිරි මුදල් ලබා නොදීම ඇතුළු පැමිණිලි මේ අතර වන බවද දින 56 ක් ඇතුළත නොගෙවන දඩ මුදල රුපියල් 25000 ක් බවද හෙතෙම අනාවරණය කරයි.

මෙම ගාස්තු ක්‍රමයෙන් ලැබෙන සමස්ත ආදායමෙන් නගර සභාවට ලැබෙන්නේ සියයට 48 ක් බවද ඔහු පෙන්වාදෙයි.

මේ පිළිබඳව ඉකුත් 30 දා පැවති මහ සභාවේදී ද කරුණු හෙළිකළ බව ඔහු කීය.

 



අදහස් (7)

රථගාල් කිරීමේදී ස්වයංක්‍රීය ගාස්තු අයකිරීම ගැන පැමිණිලි 60,000 ක්

karunaratne Tuesday, 15 October 2019 11:53 AM

මහා ජනතාවගෙන පැමිණිලි 60000ක් ලැබෙනකන් නගර සභාවේ මහජන නියෝජිතයෝ මොනවද කලේ?

:       0       52

karunaratne Tuesday, 15 October 2019 11:53 AM

මහජනතාවගෙන් පැමිණිලි 60000 ක් ලැබෙනකල් නගර සහාවේ මහජන නියෝජිතයන් මොකද කළේ?

:       0       12

අමා Tuesday, 15 October 2019 12:37 PM

මේ තරම් පැමිණිලි තියනවනම් කොහේ හෝ වැරැද්දක් තියෙන්න එපැයි. ඒ ගැන සොයා බලන්න නගරාධිපතිනියට නුවණ පහළ වේවා!!!!.

:       0       27

CiscoWednesday, 16 October 2019 03:42 AM

මේ නගරාධිපතිනියට මේ පැමිණිලි 60,000 ලොකු ගණනක් නෙවෙයි. එතුමියට ලොකු එක් මිලියන දෙමිලියන වගේ කියවගන්න බැරි ඒවා.

:       0       8

Amila Tuesday, 15 October 2019 01:32 PM

මේ ගෙවන ගණන් වල ලොකු ප්‍රශ්නයක් නෑ. කල යුත්තේ ගෙවන ක්‍රමය මහජනයාට පහසු කරන එක සහ හරිහමන් විදියට ගෙවන පාර්කින් කොටසක් කියලා පැහැදිලිව සටහන් කරන එක. උදාහරණයකට ඔවුන්ට පුලුවන් වෙන පාටකින් ඉරක් අදින්න එම කොටසේ සහ දිගට බෝඩ් එකක් ගහන්න. මේවා අමාරු වැඩ නෙවේ. නුසුදුසු ආයතන වලට මේවා කරන්න දෙන එක තමා මේ ලොකුම අවුල වෙලා තියෙන්නේ.

:       0       21

සමන්ත Tuesday, 15 October 2019 01:37 PM

1. ලොකුම පැමිණිල්ල නගර සභාවට මේ දඩ මුදල් 48% පමණක් ලැබීම. 2. 2018 දී මෙය තහනම් කලා නම් නගර සභාවේ අය මොකද මේකට මෙතෙක් කලේ ? මේකෙන් කාගේ හරි හොද්ද බොර වෙනවා වගේ. ජනතාව පෙල ගැසීමට කාලය හරි මේ හොරු වෙනුවෙන් ....

:       115       220

Thusitha Tuesday, 15 October 2019 04:15 PM

බොහෝ අය මෙම ක්‍රමය ගැන දැනුවත් නැහැ ඉතින් නොදැනිම දඩ කොළයක් ලියැවෙනවා. ඒක ගෙවා ගන්න ගියාම ඊටත් වඩා කරදරයි..මම අවස්ථා දෙකකදී මේ කරදරේ වැටුණා ඉතින් මේ වගේ පැමිණිලි ලැබෙන එක සාධාරණයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site