IMG-LOGO

‘රටේ හෙට දවස වෙනුවෙන් වෘත්තියවේදීන් නැගී සිටිය යුතුයි’

(විනීතා එම් ගමගේ)

සියලුම වෘත්තියවේදීන් එකට එක්ව දේශපාලනයෙන් තොරව රටේ හෙට දවස වෙනුවෙන් නැගී සිටියයුතු යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ආචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කීවාය. 

රට වෙනුවෙන් වැඩ කරන්නට නම් දේශපාලන භේද අමතක කළයුතු බවත් අරමුණ ලෙස තබාගත යුත්තේ රටේ හෙට දවස පමණක් බවත් ඇය කීවාය. 
 
අද පවතින තත්ත්වය වලකා රට රැක ගන්නට ගන්නා කි‍්‍රයාමර්ග මොනවාදැයි පෙන්වා දෙන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව කී හිරිඹුරේගම මහත්මිය බුද්ධි අංශවලට මුස්ලිම් ජනතාවත් බොහෝ උපකාර කරන බැවින් සාමාන්‍ය ජනතාව එකට එකමුතුව සිටින්නට පරිසරය හදා දිය යුතු යැයි ද කියා සිටියාය. 
 
මේ ගැටුම් ඇති කරන්නට සමහර පිරිස්වලට අවශ්‍ය වී ඇති සැටියක් පෙනී යන්නේ යැයි ද එම තතත්වයන් වළකා සියලූ දෙනාට සාමකාමීව සිටිය හැකි රටක්නිර්මාණය කිරීමට රජයට ඇත් වැඩ පිළිවෙල කුමක්දැයි පෙන්වා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද ඇය තවදුරටත් කීවාය.
 
හිරිඹුරේගම මහත්මිය මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද  (30) පැවති මවුබිම  සුරැකීමේ ජාතික බලවේගය සංවිධානයේ  මාධ්‍ය හමුවක් අමතමිනි. 
 
මාධ්‍ය හමුව ඇමතූ පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටියේ රටේ ආරක්ෂාව තිස් අවුරුදු යුද්ධයක් අවසන් වී දස වසරක් ගතවු තැන ආපස්සට ගිය බවය.
 
රටට අභිමානයක් ඇති වන්නට නම් ආරක්ෂාවක් තිබිය යුතුම යැයි ද ඒ සදහා ඉතා සුදුසු වැඩ පිලිවෙලක් ආරම්භ කිරීම ආණ්ඩුවේ වගකීම යැයි ද උන්වහන්සේ පැවැසූහ. ‍ෙ
 
රටට තිබු ආරක්ෂාව නැති කර දමා වත්මන් පාලකයන් ට අවශ්‍ය වූයේ විදෙස් හමුදාවලින් සහය ලබා ගැනීමට යැයි ද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ. 
 
ජනතාව දැන්  පවසන්නේ ආණ්ඩුව වහා ගෙදර යායුතු බවත් නොයන්නේ නම් වහා ඉවත්් කර ගෙදර යැවිය යුතු බවත් යැයි ද මුරුත්තෙට්ටුවේ හිමියෝ කීහ. 
 
රටට නීතියක් තිබිය යුතු යැයි කී උන්වහන්සේ රටේ නීතිය බල්ලාට  ගිය යුගයක් යැයි ද පවසා සිටියහ.
 
රටේ ආරක්ෂාවට තර්ජනයක් ව ඇති පාර්ලිමේන්තුවේ නියෝජිතයින් වහා අත් අඩංගුවට ගන්නැයි රජයට බල කරන බව ද ආනන්ද හිමියෝ පැවසූහ.
 
ශ්‍රී ලංකා වෛද්‍ය එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ බොරැල්ල ළමා රෝහලේ වෛද්‍ය මහින්ද වික‍්‍රමාරච්චි මහතා පාස්කු ඉරිදා ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලාංකික කිතුණුවන්  පිරිස රට ජාතිය ත‍්‍රස්තවාදයෙන් මුදවා  ගන්නැයි බීරි අලින් වූ පාලකයන්ට කණ් ලබා දුන් බවත් අද අලින්ට ඇස් ලබා දුන් බවත් කීය. 
 
මේ විනාශය දැක දැක හොර නින්දේ පසුවන කැබිනට්ටුවට අවදිවෙයල්ලා කියමින් කස පහර දුන් බව ද හෙතෙම කියා සිටියේය. 

ත‍්‍රස්තවාදියාට ආගමක් හෝ ජාතියක් නොමැති බවත් ලේ දකින්නට පමණක් කැමති ඔවුන් ට එරෙහිව අත්වැල් බැද ගැනීමට කටයුතු කළ යුතු බවත් වික‍්‍රමාරච්චි මහතා  පැවසීය.
 
අද කතෝලික පල්ලියට පහර දෙන පිරිස් හෙට තවත් ආමකි ස්ථානයකට පහර දෙනු ඇති බවද එතෙක් බලා නොසිට අමන ත‍්‍රෂ්තවාදය තුරන් කරන්නට සියලූ දෙනා අත්වැල් බැද  ගත යුතු බවත් පැවසූ වික‍්‍රමාරච්චි මහතා මිශ‍්‍ර පාසල් සදහා යොමු වීම ඊට හොද පිළිතුරක් වනු ඇතැයි ද සදහන් කළේය. 
 
ආරක්ෂඛ අංශ සැක කටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පැවසුවත් මැති ඇමතිවරුන්ගේ හිතවත් කම් මත කී දෙනෙක් එළියට ගියා දැයි ජනතාව නොදන්නා බව ද හෙතෙම සදහන් කළේය. 



අදහස් (0)

‘රටේ හෙට දවස වෙනුවෙන් වෘත්තියවේදීන් නැගී සිටිය යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 407 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 981 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1363 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site