(විනීතා එම්.ගමගේ)
විදේශ රැකියා ක්‍ෂෙත්‍රයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ, බලපත්‍රලාභී රැකියා ලාභීන්ගේ හා විදේශ රැකියාවන්හි නිරත වන්නන්ගේ සුභසාධනය හා ආදායම් වැඩිකිරීම කෙරෙහි මෙම කමිටුව අවධානය යොමු කරනු ඇතැයි ද සභාපතිවරයා කීය.
ඉදිරි වසර තුනේ දී සාධනීය හා ඉලක්ක ගත සංවර්ධනයක් කරාගෙන යාමේ අරමුණින් මෙම පියවර ගත් බව කී රත්වත්තේ මහතා ඒ අනුව විදේශ රැකියා ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ සියලු පාර්ශවවල ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන බව ද පැවසීය.
මෙම සය පුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රදීප් නියදඬුපොළ මහතා කටයුතු කරන අතර නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය සහ කාර්යංශයේ නිලධාරින් වන මධුෂාන් කුලරත්,ධනුක සමරක්කොඩි, මංජුල බටගොඩ, ගිහාන් ධනුෂ්ක යන මහත්වරුද කටයුතු කරති.
මේ සඳහා මහජන අදහස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව විද්වත් වෘත්තිකයින් මාධ්‍යවේදීන් විගමණික ප්‍රජාව පර්යේෂකයින් ඇතුළු මහජන අදහස් ජුලි 15 දක්වා බාරගන්නා බවත් [email protected]යන විද්‍යුත් ලිපිනයට හෝ 0112864141 යන ෆැක්ස් අංකයට හෝ යෝජනා ලබා දිය හැකි බවත් තැපෑලෙන් එවන්නේ නම් කමිටු සභාපති DRESSH ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කොස්වත්ත බත්තරමුල්ල යන ලිපිනයට එවිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රට රැකියාවල ආදායම් ඉහළ නංවන්න සැලැස්මක් හදන්න සය පුද්ගල කමිටුවක්
Rohit Friday, 03 July 2020 06:03 AM
නැවත විදේශගත වීමට නොසිතන්න.. පළමුවෙන්ම සියළුම පාර්ලිමේන්තු ඇමතිවරුන්ට වැඩ කිරීමට ඉඩදෙන්න.. විශේෂයෙන් දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ සහ ගම්මන්පිල...
Sachin Friday, 03 July 2020 06:14 AM
මැදපෙරදිගට බැනලා අන්තිමට මිනිස්සු මැදපෙරදිගටම පටවන්න තමයි හදන්නේ.. රටවිරුවන් නැතිව බැහැ වගේ...
rasi Friday, 03 July 2020 06:20 AM
රටරැකියා කරන අයගේ ආදායම කෙසේ වෙතත්, මේ හය දෙනාගේ ආදායම නම් ඉහළ යයි.
de silva Friday, 03 July 2020 06:25 AM
ඔබලාගේ මොලේ අවුල්ද?
jaya Friday, 03 July 2020 07:39 AM
දැන්වත් පේපෑල් හරහා පේමන්ට් ගෙන්වා ගැනීමට දෙන්න. අවුරුද්දකට ඩොලර් මිලියන 500ක් වත් වැඩිපුර ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා.
nandanaFriday, 03 July 2020 11:05 AM
පේපෑල් හරහා පේමන්ට් ගෙන්වා ගත නොහැක්කේ, පේපෑල් සමාගම ලංකාවේ ගනුදෙනු කිරීමට අකමැති නිසයි. එය පේපෑල් සමාගමේ තීරණයක් මිස, රජයේ තීරණයක් නොවේ.