IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


රට බුරුපිටියක් කරන සෙල්ලම නවත්වන්න

(අංජුල මහික වීරරත්න)

ඕනෑම තුරුම්පුවක් ඇදගන්න. නමුත් රට බුරුපිටියක් බවට පත් කරන සෙල්ලම වහා නතර කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පැවැසීය.

තුරුම්පු කියා හැමවිටම බූරු කොලේ අදින්නට එපා යැයිද එම ක්‍රියාවෙන්  හානිවන්නේ රටේ ජනතාවට බවද මහ ලේකම්වරයා කීය.

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් අකිල විරාජ් මහතා මේ බව පැවැසීය.

වර්තමානයේදී සිදුවන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාව දරුණු අගාධයකට තල්ලු වෙමින් පවතින බව කී එජාප මහ ලේකම්වරයා අප සැමවිටම නායකයන් ලෙස කටයුතු කළ යුත්තේ සරල සිල්ලර අරමුණු සඳහා නොව රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් බවද කීය.



අදහස් (13)

රට බුරුපිටියක් කරන සෙල්ලම නවත්වන්න

sirimal Friday, 09 November 2018 01:54 PM

ඊළඟ තුරුම්පුව ආණ්ඩුව විසුරුවා හරින්න කියලයි අපට දැනගන්නට තියෙන්නේ.

:       143       469

Adam Friday, 09 November 2018 01:55 PM

මහබැංකුව හොරාකෑවේ රටේ ජනතාවගේ සුභසිද්ධියට වෙන්න ඇති.. මෙයාට කොහොමත් දවල් මිගෙල් රෑ දැනියෙල් තමයි..

:       571       1476

Janahith Friday, 09 November 2018 02:21 PM

ව්‍යවස්ථා විරෝධී කියල දැන්ද වැටහුනේ.

:       9       276

Bamunuarachchi Friday, 09 November 2018 04:28 PM

රටේ ජනතාව තමයි නියම සාක්ෂිකාරයෝ මෙරටේ මේ අවුරුදු තුනහමාරට සිදුවූ දේවලට. ඔවුන් ඉහලින්ම කැමතී එජාපයෙන් පාලන බලය නැතිවී යනවාට.

:       911       1178

Mahee Friday, 09 November 2018 07:34 PM

අපි ඔහෙලගෙ අතට ඉහලින්ම තුරුම්පු දුන්නහම මොකද කලේ? ඒවා අතේ තියාගෙන දෙකේ කොලේ වැඩ නෙමෙයිද දිගටම කලේ? උම්බලකඩ කෑව නම් දුක විඳපන් බළලෝ!

:       0       0

ගල්කටස් Saturday, 10 November 2018 01:28 AM

අපි බූරු ගහමු.. අපි බූරු ගහමු. දැන් පිටිය ලෑස්තියි එන්න. මම දැනන් හිටියේ පුත්තලමේ බූරුවන් ගැන විතරයි. අදයි දැන ගත්තේ බූරුවන්ගේ නායකයා කව්ද කියලා..

:       0       0

Sam Saturday, 10 November 2018 03:32 AM

දැන් ඔන්න ඔක්කොම තුරුම්පු මෙසේ උඩ. ඡන්දෙට ගිහින් දෙගොල්ලන්ම මහ ජනතාව ඉදිරියට තමන්ගේ ක්‍රියාකාරකම් හෝ හේතු දක්වලා දිනන්න. නැත්නම් බය නැතුව උසාවියේදී ප්‍රශ්න විසඳගන්න.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 10 November 2018 04:00 AM

දැන් ඉතින් ඡන්දෙට මුහුණදීලා බලන්න කරපු වැඩක් තියේ නම් ඡන්දෙත් නොඅඩුව ලැබෙයි නේද?

:       1       230

BamunuarachchiSaturday, 10 November 2018 07:59 AM

මෙයා හීනෙන් අතපත ගානවා.

:       101       115

Kavantissa Saturday, 10 November 2018 06:46 PM

ඔබතුමන්ලාගේ නපුරු කටවල් නිසා තමයි... මේ අර්බුද තත්වය ඇතිකර ගත්තේ...

:       0       0

Chanak Los angeles Saturday, 10 November 2018 06:57 PM

බූරුවාට බල්ලාගේ වැඩේ කරන්න බැරි බව එදා නොදැනුනේ බූරුකම නිසා වෙන්න ඇති...?

:       0       0

Chanak Los angeles Saturday, 10 November 2018 10:25 PM

හොරුන්ට පක්ෂව හොරුන්ම සාක්ෂි එක විශ්ව නීතියක් වුනානේ ලංකාවේ .

:       0       0

Chanak Los angeles Saturday, 10 November 2018 10:29 PM

හීනෙන් අතපත ගෑම සැපක් ඔය කරනවා වගේ දුෂිතයන්ට ගිහින් අපාගත වෙනවාට වැඩිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2031 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 636 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site