රටේ යළිත් ත්‍රස්ත අවදානමක් මතුව ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
දැනට රට තුළ කිසිදු ආකාරයක ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බවට ආරක්ෂක අංශ විසින් අවධාරණය කර ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් මා විසින් 2019 අප්‍රේල් 23 වන දින නිකුත් කරන ලද PS/SP/SB/C/14/2019 දරන චක්‍රලේඛය සහ ඉන් අනතුරුව වරින්වර එකී ආයතනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව කරන ලද සාමාන්‍ය සිහි කැඳවීම් සහ උපදෙස් අඩංගු ලිපි හා චක්‍රලේඛ වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් පවතින බවට අර්ථනිරූපනය කරමින් සහ අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයේ ලිපි නිකුත් කර ඇති බවට මා වෙත කරුණු වාර්තා වී තිබේ.
දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කරන අතර මෙම අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස දැනුම් දෙමි.
රාජ්‍ය ආයතන, ජාතික වැදගත්කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගෙන තිබේ.
එබැවින් හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් උද්ගත වී ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.
055
COMMENTS
සාටකයන්ගේ අසාර්ථක 5 ස් වන උත්සාහය ...සාටකයන් චන්දයෙන් පැරදිලා නොවැම්බර් 17 උදේ මැදමුලනේ ජනේලයේ වවුලෝ වගේ එල්ලිලා බලාගෙන ඉන්න හැටි මට මැවිලා පෙනෙනවා .
සීරිසේන මහත්තය රට ගිය නිසා මිනිස්සුනට බය හිතෙන්න ඇති ...
මේ දවස්වල ලොකුම ත්‍රස්තවාදියා ලංකාවේ නැතිලු නේද?
ඇමරිකානු බලල් අතක් වන එක්සත් අරාබි එමිර් රාජ්‍ය කියලා තියෙනවා අපේ රටට යන්න එපා කියලා.. ඇමරිකානු රූකඩය දිනවන්න ආයෙත් රටේ සිද්ධියක් ඇතිකරන්න උත්සහ කරනවාද කියලා සොයා බැලියයුතුයි..
දැන් ගිය පාරත් ඕක කියන කොට එහෙම නැහැ කිය කිය ඉදල අන්තිමට පුපුරනකන් දන්නේ නැහැ. අහිංසක මිනිස්සු මැරිලා ගියා. ඊට පස්සේ ඇවිල්ල, ගෝටා සහරාන්ට පඩි ගෙව්වා කියල ඇග බේරාගෙන වැඩේ යටගහල සුදනෝ වෙන්න හදනවා. මුන් එලවල මදි. මුහුදෙනුත් එහා පැත්තට දාන්න ඕන.
රටේ ආරක්ෂාව ගැන කතා කරන්න ඕන ජනාදිපති ලේකම් නෙමෙයි. ආරක්ෂක ලේකම්යි ඇතුළු ආරක්ෂක ප්‍රධානින්. මුන් වලිගෙ පාගගත්ත කාලකන්නි.
කලිනුත් උනේ ඔහොම තමයි. පස්සේ කියනවා ගහයි කියුවට මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කියල.
මේවා ගොන් කතා වගේ පෙනුනාට මේවත් විශ්වාස කරන පාක්ෂිකයෝ කොටසක් ඉන්නවා. එයාලට නියම ජනාධිපති අපේක්ෂකයෙකුත් ඉන්නවා. මෙයාලට රට ගියොත් තමා වැඩේ. ඉන්න හිතෙන රටක්.
ජනාධිපති කාර්යාලය ඔහොම කියයි. නමුත් ප්‍රහාරයක් වැදුනම මැරෙන්නේ අසරණ මිනිස්සු. නඩු වැටිලා හිරේ යන්න වෙන්නේ පොලිස්පතිට, ආරක්ෂක ලේකම්ට. ඔය දේශපාලකයෝ කියන ඒවා විශ්වාස නොකර ආරක්ෂාව තර කර තම රක්ෂාව අකුරටම කරන එක නිලධාරීන්ගේ ඇඟට ගුණයි.
දැන් සිරිසේන මහත්මය රට ආරක්ෂා කරන නිසා අපි බය සැක නැතුව ඉන්නවා. එතුමා ජපානෙට ගිය නිසා මම ඉන්නේ හරිම බයෙන්. එතුමා විශ්‍රාම ගියහම රට ආරක්ෂා කරන්නේ කවුද ? විශ්‍රාම ගියහම ලිස්ට් එකෙන් හරි එතුමාව නැවත පාර්ලිමේන්තු ගෙන්වල ආරක්ෂක ඇමතිකම එතුමාට දෙන්න.