IMG-LOGO

රටේ ආරක්ෂාව ත්‍රිවිද හමුදාව කඳවයි

(රංජිත් කස්තුරි)

ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

ඒ අනුව හෙට (22) සිට පුරා මාසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඳවන බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.



අදහස් (12)

රටේ ආරක්ෂාව ත්‍රිවිද හමුදාව කඳවයි

Saranapala Thursday, 20 May 2021 01:41 PM

ත්‍රිවිද හමුදාව යොදවන්නේ කොයි සතුරු බලවේගයෙන් බේරගන්නද? ජනතාව මේ කොරෝනා මැද්දේ අවිනීතව හැසිරෙන්නේද?

:       2       4

Jit Thursday, 20 May 2021 02:00 PM

අපේ අතිපූජනීය අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම ඉටුවේගෙන එන පාටයි. දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ...?

:       1       8

විජිත් Thursday, 20 May 2021 02:55 PM

මේ ලෝකේ මේ වගේ මොලේ අමාරුකාරයන් එකඑක යුගවල, එකඑක රටවලින් පහළ වුණා. ඒ ගොල්ලෝ හිතුවේ හමුදාව දාලා රටේ මිනිස්සුන් මෙල්ල කරන්න ලෙහෙසියි කියලා. නමුත් ඒ හැම රටකම අන්තිමට සිදුවූයේ දුෂ්ඨ පාලකයා හිතපු නැති දෙයක්... අන්තිමට හමුදාව කලකිරීමට පත්වුණා... "මෙහෙමත් අහිංසකයින් මරන්න උන් කරපු වැරැද්ද මොකක්ද ...? " කියලා උන් උන්ගේ හෘද සාක්ෂියෙන් විමසුවා. අන්තිමේදී හමුදාවේ තුවක්කු බටයක් දුෂ්ට පාලකයා දෙසට හැරවුණා. ඒ හමුදා නිලධාරියා පාලකයාගේ ලඟම හිතවතෙක්, එ්ත් ඒ අසාධාරණයට විරුද්ධ උතුම් හදවතක් ඇති මිනිසෙක්. කොකා ගැස්සුණා. බුලට් රැලක් දුෂ්ට පාලකයා අපායටම අරගෙන ගියා. අවි ගත්තෝ අවියෙන්ම නසිති. එය සදාතනික සත්‍යයක්. ඒ ධර්මතාව මේ රටටත් වලංගු සත්‍යයක් වනවා නොඅනුමානයි.

:       3       17

ravin Thursday, 20 May 2021 02:57 PM

තමන්ගේ නොහැකියාව පිළිගෙන වහාම ඉල්ලා අස්වී ජනාධිපති වාරණයක් තියන්න මෙයා බයයි. මොනවා කළත් දවසක කූඩුවට යනවා.

:       3       12

Rata Perata Thursday, 20 May 2021 03:14 PM

හිට්ලර්නේ ඕනෑ කිව්වේ... ඔන්න එනවා.

:       2       9

ulama jathyantharaMonday, 24 May 2021 09:33 AM

ඊස්‍රායලයේ ප්‍රහාරවලට පිළිතුරු අහිංසක දකුණු ආසියාවේ රටකට එල්ලවිය හැකිය. ආරක්ෂාව ඉතා වැදගත්... එහෙම නැතිව සිරිසේන මහතා කැඳවන්නද කියන්නේ..?

:       0       0

මනෝ Thursday, 20 May 2021 04:00 PM

අද හැමතැනම කොරෝනා ලෙඩ්ඩු. මේ වගේ ජනාධිපතිවරයෙක් පත්කරගත්ත එක ගැන කණගාටුයි. රට ලොක්ඩවුන් කර, මෙම රෝගය පාලනය කරේ නැත්නම්, මොහුටත් විරුද්ධව අපරාධ චෝදනා ගොනුකිරීමයි කළ යුත්තේ...

:       2       14

එරන්ද Thursday, 20 May 2021 04:57 PM

ඉතා කාලෝචිතයි. නැත්තං ඔබතුමාට මේ මේ රට හරක් සෙට් එක බලන්න වෙන්නේ නෑ. ඒ වගේම නීති කඩකරන උන්ට එතනම දඩුවම් කරන්න කියන්න . ගං වල මිනිස්සු කසිප්පු බොන්න තාම හවසට යනවා. උන් තමයි මේක පතුරුවන්න මුල් වෙන්නේ. ඒ ගැනත් බලන්න කියන්න. එදා වේල හරි හම්බකරගන්න මිනිස්සු පව් තමයි. හැබැයි ඔබතුමා මේක කරන්නේ බැරිම තැන කියලාත් අපි දන්නවා.

:       24       7

Rata PerataFriday, 21 May 2021 06:23 AM

69 ලක්ෂයේ අය තවමත් ඉන්නවා වගේ... කසිප්පු බොන එක නවත්වන්න එහෙනම් සදහටම රට ලොක්ඩවුන් කරමු.

:       1       5

duminda Friday, 21 May 2021 05:41 AM

මේ පෙන්නන්නේ පාලකයාගේ සහ අදාළ බලධාරීන්ගේ නිලධාරීන්ගේ නොහැකියාව... හමුදාවක් ඉන්නේ බල්ලෝ එළවන්න නොවේ.

:       3       13

නන්නාදුනන හාදයා Friday, 21 May 2021 06:18 AM

පෝය කිට්ටුවෙනකොට ඔය වගේ විකාර දේවල් කරනවා. අද බෙහෙත් බීලා නැතිවද කොහෙද?

:       2       7

mahesh boossa Friday, 21 May 2021 07:00 AM

ප්‍රතිචාර දාන අය ඔක්කොම ඉන්නේ ලංකාවේ නොවේ පිටරටවල. මාත් එහෙමයි. ලංකාවේ ඉන්න මිනිස්සුන්ව පාලනය කරන්න නිකන් බැහැ. දරදඬු පාලකයෙක් ඉන්න ඕනෑ. මේ එක එක්කෙනා කියන ඒවාඅහන්න ගියොත් රට හදන්න බැහැ. ජෙප්පෝ කියනවා. එජාප කාරයින් සංස්කෘතිය වෙනස් කරලා යුරෝපය සතුටු කරන්න හදනවා. මේවා ඉතින් බහුතරයකට පේන්නේ නැහැ. කාලාබීලා හිටියාම හොඳටම ඇති කියලා හිතන් ඉන්නේ..

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 90 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 641 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site