රුසියානු-යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපා සංගමය සහ ලෝකයේ බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබූහ. සම්බාධක වලට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් ද රුසියාවේ තම මෙහෙයුම් කටයුතු නතර කරන බවට නිවේදනය කළේය.
ආහාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන මැක්ඩොනල්ඩ් සමාගම රුසියාවේ තිබෙන ඔවුන්ගේ ශාඛා 850 ක් තාවකාලිකව වසා දමන බවත්, බර්ගර් කිංග් නව ආයෝජන සිදු නොකරන අතර ශාඛා ජාලය ව්‍යාප්ත නොකරන බවත්,ස්ටාර් බකස් අවන්හල් 130 තාවකාලිකව වසාදමන බවත්, කේ.එෆ්.සී, ටකෝ බෙල් සහ පීසා හට් අවන්හල් තවදුරටත් නව ආයෝජන සිදු කිරීම හෝ අවන්හල් ජාලය ව්‍යාප්ත නොකරන බවත්, කේ.එෆ්.සී සහ පීසා හට් අවන්හල් තාවකාලිකව වසා දමන බවත්,කොකා කෝලා සමාගම රුසියාවේ සියලුම් මෙහෙයුම් නතර කරන බවත්,පෙප්සි කෝලා සමාගම තම නිෂ්පාදන විකිණීම තාවකාලිකව අත් හිටුවන බවත්, කර්ල්ස්බර්ග් සහ හයිනකන් බියර් රුසියාව තුල අලෙවි කිරීම නතර කරන බවත් නිවේදනය කළහ.
අන්තර්ජාලය තුල මුදල් ගෙවා චිත්‍රපට සහ කථා නැරඹිය හැකි නෙට් ෆ්ලික්ස්,වෝර්නර් බ්‍රදර්ස්,වෝල්ට් ඩිස්නි සහ සෝනි වෙබ් අඩවි නව නිර්මාණ ඇතුලත් කිරීම තාවකාලිකව නතර කර ඇති අතර රුසියාව පදනම් කරගනිමින් සිදුවන නව නිර්මාණ නිෂ්පාදනය ද තාවකාලිකව නතර කර ඇත.
ලෝ ප්‍රකට සෝනි ප්ලේ ස්ටේෂන් වීඩියෝ ගේම් කොන්සෝල් විකිණීම සහ වීඩියෝ ගේම් ක්‍රීඩා විකිණීම රුසියාව තුළ තාවකාලිකව අත්හිටුවා ඇත. එසේම ඇපල්, මයික්‍රෝසොෆ්ට් සහ අයි.බී.එම් නිෂ්පාදන රුසියානු වෙළඳපොලට නිකුත් කිරීම සහ විකිණීම තාවකාලිකව අත් හිටුවා ඇත.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
රටවල් රැසකින් රුසියාවට සම්බාධක
Bamunuarachchi Friday, 11 March 2022 03:56 PM
පුටින් ඕවා නොදැන වැඩේ පටන් ගත්තා නොවේ. පුටින් මහත්තයෝ යුරෝපයට ගෑස් දෙන්නත් එපා. ලංකාවට එවන්න
Nissanka Friday, 11 March 2022 05:16 PM
ඔක්කොම විෂබීජ ටික රුසියාවට දාලා ගිහින්. අනේ අපේ රටේත් ඔය සෙට් එක ගියානම් ලංකාවේ මිනිස්සු තව අවුරුදු කීපයක් වැඩිපුර ජීවත්වෙයි...
naleen Friday, 11 March 2022 05:17 PM
වස කෑම කඩ ටිකයි බීම ටිකයි නැති නිසා ඒ රටේ මිනිස්සු හොඳ කෑම කයි...
sugath Friday, 11 March 2022 05:24 PM
රුසියාව යනු අත්‍යාවශ්‍ය අහාර, ඉන්ධන සහ අනිකුත් ඛනිජ වලින් සපිරි ස්වයංපෝෂිත රටක්. එවැනි රටකට කඩචෝරු විකුණන අමෙරිකානු සමාගම් කිහිපයක් සිය වෙළඳාමෙන් ඉවත් වීමෙන් කළ හැකි බලපෑමක් නොමැත...
ජියැං Friday, 11 March 2022 10:15 PM
චීනයට හොඳ අවස්ථාවක්, ඔය හැමදේම චිනයේ තියෙනවා වෙනත් නම්වලින්...!!!
Pec Saturday, 12 March 2022 07:18 PM
දෙවියන්ට ස්තූති වේවා...!