IMG-LOGO

රජරට සරසවිය 16 වැනිදා යළි විවෘත කරයි


(දයාරත්න ඇඹෝගම)
 
වසා දමන ලද රජරට විශ්ව විද්‍යාලය මේ මස 16 වැනි දින යළි විවෘත කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා අද (13)දින පැවසිය.
 
එසේම විවිධ චෝදනා යටතේ පංති තහනම් කරනු ලැබු සරසවි සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කිරිමටද පාලක මණ්ඩලය තිරණය කළ බව උපකුලපති ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා මෙහිදි සදහන් කළේය.
 
පංති තහනම් කර සිටි සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා  පසුගිය 29 දින සරසවි සිසුන් විශ්ව විද්‍යාල භුමියේ උද්ඝෝෂණය  කර,   පරිපාලන ගොඩනැගිල්ලට පිවිසිමෙන් අනතුරැව මිහින්තලය පරිශ්‍රයේ පිහිටි පිඨ හතරක් වසා  දැමීය.
 
ඒ අනුව පසුගිය 11 වැනි දින රැස්වු පාලක සභාව වසා දමන ලද ව්‍යවහාරික අධ්‍යන පිඨය,තාක්ෂණික විද්‍යා පිඨය,කළමණාකරන පිඨය සහ මානව ශ්‍රාස්ත පිඨය යළි මේ මස 16 වන දින විවෘත කිරිමට තිරණය කර ඇත.


එසේම දිර්ඝ කාලයක් පංති තහනම් කර තිබු සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කිරිමටද පාලක සභාව ඒකමතිකව තිරණය කල බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසිය.



අදහස් (3)

රජරට සරසවිය 16 වැනිදා යළි විවෘත කරයි

d.upul Sunday, 13 January 2019 09:22 AM

බොරුවටනේ පන්ති තහනම් කරලා තියෙන්නේ මේ අහිංසක ළමයින්ගේ...

:       0       23

Raveendra Sunday, 13 January 2019 10:53 AM

ඇත්තෙන්ම ඔව්, නිකම් මේ අහිංසක උගත්, බුද්ධිමත් දරුවන්ගේ නො" වටිනා " කාලේ කාදමලා දැන් එනවා මෙතැන විවෘත කරන්න.. එව්වා කොහෙද? නැද්ද ළමයිනේ...? දැන් මේ කුරා කූඹියෙකුටවත් හානියක් නැති අහිංසක ළමයින්ට තියෙන්නේ අන්තරේ ඉන්න පඩි "අන්දරේලාගෙන් " තව තවත් උපදෙස් අරගෙන පන්ති තහනම් කරපු ඒ ඉතාම අහිංසක දරුවන්ට වන්දියක් ඉල්ලා ගන්න. ඒ තහනම් කරපු ලොක්කන්ගෙන්. ඊළගට ලබන සතියෙම මේ දරුවන්ට තියෙන්නේ අපහු පාරට බැහැලා කෑ නොගහ කෑ ගහන්න ඉර නැගෙනහිරින් පායනාවෝ අපිට ළදරු පාසල් යන්න බැරියෝ.. අපිට ඉර බටහිරින් පායලා දියව් දියව් කියලා... වැඩේ ගොඩ අට පාස් නැති පරිපාලන නිලධාරීන් කොහොම හරි ඉර බටහිරින් පායලා දෙයි හොඳේ...

:       457       21

hesa Sunday, 13 January 2019 01:08 PM

රවින්ද්‍ර නියමයි

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site