IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රජරට විශ්වවිද්‍යාලයේ නිරෝධායන අධ්‍යයන කාලය හෙට සිට

(මනුලවික්‍රම)

නිරෝධායන අධ්‍යයන කාලයක් ලෙස හෙට සිට රජරට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්විමට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙන බව බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පවසයි.

එක් නේවාසිකාගාර කාමරයක එක් ශිෂ්‍යා බැගින් සෞඛ්‍යාරක්ෂිත ව රඳවා මෙම නිරෝධායන අධ්‍යයන කාලය සූදානම් කර තිබේ.

ඒ අනුව මිහින්තලා පරිශ්‍රයේ ඇති ව්‍යවහාරික විද්‍යා පීඨයේ 3වන හා 4වන වසරවල අවසාන විභාග හෙට සිට පැවැත්වීමට සිසුන් කැඳවන බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පැවැසීය.

වෛද්‍ය පීඨයේ විභාග මේ වන විටත් ආරම්භකර ඇති අතර කෘෂිකර්ම පීඨයේ හා තාක්ෂණ පීඨයේ ද විභාග ද සූදානම් කරමින් පවතී.

සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආහාරපාන නේවාසිකාගාර කාමරයටම සපයන අතර අවශ්‍ය විටක ප්‍රවාහන කටයුතු විශ්වවිද්‍යාලයට අයත් වාහන මගින් සිදුකෙරේ. මෙම විභාග කාලය නිරෝධායනය සහිත අධ්‍යයන කාලයක් බවට පත්කකෙරෙන බව උපකුලපතිවරයා සඳහන් කළේ ය.

නේවාසිකාගාරවල ජීවානුහරණ කටයුතු රජරට විශ්විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ අනුග්‍රහයෙන් අද (21) සිදුකෙරුණි.

නේවාසිකාගාරවල සනීපාරක්ෂාව වෙනුවෙන් එම සංගමයේ නියෝජිත පිරිසක් විසින් සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් හා අත්සෝදන බේසම් ද ලබාදෙනු ලැබී ය.

වෛද්‍ය පීඨයේ කැඳවා ඇති සිසුන්ගේ තත්ත්වය ඉතාම ආරක්ෂිත හා සතුටුදායක මට්ටමක පවතින බවත් හෙට සිට කැඳවන සිසුන් පිළිබඳව දෙමාපියන්ට කිසිදු සැකයක් තබාගත යුතු නැති බවත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පෙන්වා දෙයි.


 



අදහස් (1)

රජරට විශ්වවිද්‍යාලයේ නිරෝධායන අධ්‍යයන කාලය හෙට සිට

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 09:34 AM

සතුටට කරුණක් ..!!! විශ්ව විද්‍යාලයක ඇතුලත තිබෙන ඒ සුන්දර පරිසරය, නිදහස හා අභිමානය ස්පර්ශ කරන්නට හා විඳින්නට ලැබීම මොනතරම් භාග්‍යයක්ද ? ... ඒත්, එහි සිටිනා විද්‍යාර්ථීන් සිතට ගතයුතු දෙයක් තමයි රටේ බදු ගෙවන්නන්ගේ මුදල් වලින්, ජාතික ධනයෙන් විශාල මුදලක් වයකොට මේ අධ්‍යාපනය වැයැවෙන බව... එබැවින් රට සුරපුරක් කිරීමේ වගකීම තමන්ගේ වගකීම බව සිහිතබා ගැනීම රටේත් ඔවුන්ගේත් වාසනාව වන්නේය ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 706 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site