IMG-LOGO

රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි වර්ධනයවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.

ඒ අනුව කාර්ය මණ්ඩල සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛයක් හෙට (27) දිනයේදී නිකුත් කරන බව ලේකම්වරයා කියයි.

කොවිඩ් පළමු රැල්ල සමයේදී මෙන් රාජ්‍ය ආයතන වෙතට ගෙන්වා ගන්නා කාර්ය මණ්ඩල සීමා කිරීම, කාර්යාල වෙත නොපැමිණෙන සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරදීම මෙම චක්‍රලේඛය මගින් අවසර ලබාදෙන බව ද රත්නසිරි මහතා සඳහන් කළේය. නව කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ තවත් නිර්දේශ ගණනාවක් මෙම චක්‍රලේඛයට ඇතුළත් කරන බව ද ලේකම්වරයා කීවේය.

සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි, නව වසංගත තත්ත්වයට මුහුණදීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බව ජේ.ජේ රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරයි

Jayantha Monday, 26 April 2021 09:10 AM

පාසල් වැසීම ගැන ගුරු විදුහල්පතිවරු කතා කරපු ගමන් මිනිස්සු යක්ෂාවේෂ වෙනවා... ගුරු විදුහල්පතිවරුන්ට නිවාඩු ඕනෑවෙලා කියලා. වැඩිහිටියන්වත් සෞඛ්‍ය පුරුදු නොසලකා හැසිරෙන බව පැහැදිලිව පෙනෙද්දී පාසල් ආරක්ෂිතයි කියන තර්කය හාස්‍ය ජනකයි. ඇත්ත තත්ත්වය දරුවන්ගේ දුරස්ථභාවය සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පාසලක් තුළ පවත්වාගෙන යාම අතිශය අසීරු බවයි. නමුත් දෙමව්පියන් තම දරුවාට කෝවිඩ් හැදෙනතුරු මෙය පිළිගන්නේ නෑ. පාසල් වහන්නේ නැත්තේ ඇයි කියලා ඔබට හිතෙන්න නම් ඔබේ දරුවාට කෝවිඩ් හැදෙන්නම ඕනෑ...

:       0       6

මුණසිංහMonday, 26 April 2021 12:01 PM

ඇත්තටම පාසල් අවම වශයෙන් සති2 කටවත් වසා දැමිය යුතුයි. අඩුම සෞඛ්‍යාරක්ෂාව තියෙන්නේ පාසල්වල. දෙමාපියන් පාසලක් ඇතුළට ගිහින් බලන්න ළමයි ඉන්න හැටි. ඒවාට ගුරුවරුන්ට දොස් කියන්න බැහැ. ඒක ළමා ගතිය. මාස්ක් එක පවා හුවමාරු කරගන්නා පොඩි ළමයි ඉන්නවා. ළමයි එක තැනක කොටු කරගෙන දෑත් බැඳලා, කකුල් බැඳලා තියාගන්න බැහැ. මෙය විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරින් තේරුම් ගත යුතුයි. අපේ ළමයි නම් අපි සති 2කට ගෙදර තියා ගන්නවා.

:       0       0

සුනිල් Monday, 26 April 2021 09:37 AM

පුද්ගලික අංශ ගැන නම් කතාකරලා වැඩක් නෑ ඉතින්.. ඒවගේ වැඩ කරන මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නේ නෑ වගේ තමයි... ඒවගේ ලොක්කන් හිතන් ඉන්නේ... බහුතරයක් ඒ වගේ තත්වය මේක තමයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 674 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site