IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සූදානම් වෙති

(ජයන්ත සමරකෝන්)

රජයේ  විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවන්ට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබීමට එරෙහිව මේ මස 23 වැනිදා රටපුරා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් ඊටද ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් 25 වැනිදා සිට රටපුරා අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වන බවත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් ඒච්.ඒ.එල් උදයසිරි මහතා අද (18) පැවැසීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වෘත්තිය සමිති 17 කට අයත් සාමාජික සාමාජිකාවන් 30000 ක් පමණ එක්වීමට නියමිත බවද ලේකම්වරයා කීය.

ඉංජිනේරු, මිනින්දෝරු, ආයුරුවේද වෛද්‍ය, දේශීය ආදායම් කොමසාරිස්වරුන් ඇතුළු රජයේ විධායක නිලධාරීන් රැසක් මේ අතර වන බවද හෙතෙම සඳහන් කළේය.

සංගමයට අයත් සෑම සේවාවකම නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම හා ලබාදී ඇති දීමනා කප්පාදු නොකිරීම මෙහි ප්‍රධාන ඉල්ලීම් අතර වන බවද එම සංගමය කියයි.



අදහස් (3)

රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සූදානම් වෙති

Nirmal Kulasinghe Wednesday, 18 September 2019 04:40 PM

රජයේ ඉහළ නිලධාරීන් විතරක් කෑවා බිව්වම හරිද කළමනාකරණ සේවා නිලධාරීන්ට මොනවත් නැහැ. රජයේ විධායක නිලධාරීන් තමයි නිසි වැටුප් තලය නොදි අවහිර කරගෙන ඉන්නේ කිසිම පහසුකමක් නැහැ. ඔය විධායක නිලධාරීන් කියාගන්නා අය ගන්නා කඩ වලින් තමයි බඩුගන්නේ. එහෙම කියලා අඩුවට අපිට බඩු දෙන්නේ නැහැ. ඔවුන් ළඟ හැන්ද තියාගෙන ඔවුන්ම බෙදාගන්නවා එක සාධාරණද හිතන්න කළමනාකරණ සේවා නිලධාරීන්ට තමයි රාජ්‍ය සේවයේ උපරිමයෙන් අසාධාරණයක් වුණු එකම සේවාව කියන්න ඕනේ එකට කවුරුත් කොයි රජයක්වත් සාධාරණයක් ඉටුකළේ නැහැ.

:       45       42

දිලුම් Thursday, 19 September 2019 04:40 AM

නීති නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීමෙන් මේ හෙනය පාත් වුණා කියලයි මේ අය කියන්නේ. රටේ තියන තත්වය එක්ක මෙවැනි වැටුප් වැඩි කිරීමක් දෙන්න බෑ කියන එක ප්‍රායෝගිකයි. එහෙත් වැටුප් හා සේවක මණ්ඩල කොමිසමෙන් නීති නිලධාරින් සම්බන්ධයෙන් වැටුප් වැඩිකිරීමට අනුමැතිය දීමෙන් මේ විෂමතාවය තවත් වැඩිවෙලා සමාන්තර සේවාවලට අයත් සේවකයන් නොසන්සුන් වෙලා. එක එක රජයන්වල කුණුවහගන්න කරන වැඩවලින් මුළු පද්ධතියම කඩාකප්පල් වෙනවා. දැං මේ නිලධාරීන්ට තියෙන්නේ නීති නිලධාරීන්ට දුන්න මේ විෂම වැටුප් දීමනාව අඩු කරන්න කියලා ස්ට්‍රයික් කරන්න. දැනට කරන්න තියන මට නම් පේන හොඳම විසඳුම ඒකයි.

:       0       16

MaheeThursday, 19 September 2019 07:42 AM

එහෙම කලොත් ඒ කට්ටිය ස්ට්‍රයික් කරනවා නේ. ඒ පැලැස්තර හින්ද තමයි ලෙඩේ හැමදාම උග්‍ර වෙන්නේ. මතකද වික්ටර් තෙන්නකෝන් කමිටුව? නීති අංශයේ නිලධාරීන්ට තුන් හතර ගුණයකින් පඩි වැඩි කළා. මෙහෙම තමන්ගේ කෙනාව බෙදා ගන්න කමිටු වලින් වැඩක් නැහැ. ජාතික වැටුප් ප්‍රතිපත්තියක් හදන්න ඕනා. ඒක දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක කරන්න ඕනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site