(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ ඉහළ තනතුරු හයක පුරප්පාඩු පිරවීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත .
මේ අනුව මෙසේ අනුමැතිය හිමි වී ඇත්තේ නව තනාපතිවරුන් දෙදෙනෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු සහ සංස්ථා සභාපතිවරයකු පත් කිරීම සඳහාය.
බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස බී එම් සුමිත් දසනායක සහ ඉරානය නව ශ්‍රී ලංකා තානාපති ලෙස ජී එම් විශ්වනාත් අපොන්සු යන මහත්වරුන් පත් කිරීමටද වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස් විදාණපතිරන ,පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම් එන් රණසිංහ, වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එස්.එම් අල්විස් යන මහත්වරුන් පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය .
මෙයට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත් කිරීමටද එම කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව ඔහු සඳහන් කළේය.
උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 23 වැනිදා රැස්විය .
මෙම රැස්වීමට සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍යවරුන්වන ,විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ ලොකු පුටු 6ක් පිරවීමට අනුමැතිය
kapila Friday, 25 June 2021 04:17 PM
ඇමතියෝ නම් ඕනේ පදමට ඉන්නවා. නමුත් රට නම් එතනමයි.
රණසිංහ Friday, 25 June 2021 08:26 PM
අනුෂ මහතාට දැන් පැන්ෂන් එකත් ලැබෙනවා නේද? එකක් රජයට පරිත්‍යාග කරන්න...