IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රජයේ පශු වෛද්‍ය නිලධාරීහු විදී බසිති

 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සත්ත්ව සුබ සාධන සංගම් එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද(26)  පැවැත්විණි.
 
 
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් ජාතික ජල භීතිකා මර්ධන වැඩසටහන නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
 
 
2018 ට පෙර, වසර 60ක් පුරාවට ජාතික ජල භීතිකා මර්ධන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළත් එහි අපේක්ෂිත අරමුණ වූ ජල භීතිකා රෝගය මෙරටින් තුරන් කිරීමට ඔවුන් අපොහොසත්  වී ඇති බවත් මෙම ජාතික වැඩසටහන සුදුසුකම් සහිත පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හැකි විගස පවරන ලෙසත් විරෝධතාකරුවෝ පැවසූහ.



අදහස් (2)

රජයේ පශු වෛද්‍ය නිලධාරීහු විදී බසිති

වසන්ත ගමගේ Tuesday, 26 February 2019 03:08 PM

සත්ව ජලභීතිකා මර්දනය හා සත්ව සෞඛය පශු වෛද්‍ය කාර්යභාරයකි. අවුරුදු 60 පශු වෛද්‍ය නොවන අය එම වැඩ සටහන කලද අදටත් වසරකට මිනිසුන් 20 ක් එම රෝගයෙන් මිය යති. 2018.04.01 දින සිට ඔවුන්ට එය භාර දී මාස 8 කට පසු එහි සාර්ථකත්වය දැක බිය වී නැවත සෞඛය අමාත්‍යංශය වෙත පවරා ගැනීමට යාම කණගාටුවට කරුණකි. ලෝකයේ අනෙකුත් රටවල් සත්ත්ව සෞඛ්‍ය පශු වෛද්‍යවරුන්ට හැර වෙන කිසිම අයකුට භාර දී නොමැත. ඔවුන්ගේ ඉල්ලීම ඉතා සාධාරණ වේ..

:       4       132

නිලන්ත Wednesday, 27 February 2019 10:03 AM

ජලභීතිකා මර්දන වැඩ සටහන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නැවතත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට සෞඛ්‍ය ඇමැති කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කර ඇත .ඉතා සාර්ථකව දිවයින පුරා සිදු කරන මේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම ඉතා පිලිකුලෙන් හෙලා දකිමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 127 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2043 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site