IMG-LOGO

රජයේ ණය ගැනීම් සීමාව කෝටි 40,000කින් ඉහළට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ණය ගැනීම් සීමාව රුපියල් කෝටි 40,000කින් පමණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ණය සීමාව මෙසේ වැඩි කිරීම සම්බන්ධයෙන් විසර්ජන පනතට විශේෂ සංශෝධනයක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී  ඉදිරිපත් කෙරෙනු ඇත.

ණය ගැණුම් සීමාව වැඩි කිරීම සඳහා  ඉදිරිපත් කරන ලද 2020 අංක  07 දරන  විසර්ජන පනත සඳහාවූ සං‍‍ශෝධනයට මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.

රුපියල් කෝටි දෙලක්ෂ අනු නව දහස් හත්  සියයක් ලෙස මෙතෙක්  ණය ගැණුම් සීමාව මේ අනුව රුපියල් කෝටි  තුන් ලක්ෂ තිස් නව  දහස් හත් සියයක් දක්වා ඉහළ යනු ඇත.

මේ සම්බන්ධයෙන්  මුදල් කාරක සභාවේදී කරුණු පැහැදිලි කළ   මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ  ණය ගැනීමේ සීමාව  වැඩි කිරීම සඳහා විසර්ජන පනතට සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය වූයේ  කොවිඩ් 19  වසංගත තත්වය නිසා  රටේ උද්ගතවූ ආර්ථික පසුබෑමෙන් 2021 වසර සඳහා  අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකි වීම, පරිපූරක වියදම් ඉහළ යාම, විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවා ගෙවීම්වලට මුදල් සැපයීමේදී  රුපියල අවප්‍රමාණය වීම නිසාවූ බලපෑම  ආදී හේතු නිසා බවයි.‍

එසේම පරිපූරක වියදම්  ඉහළ යාමට කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඉහළ ගිය සුබසාධන  වියදම් හේතුවූ බව පෙන්වා දුන් ආටිගල මහතා එම වියදම් සඳහා පාර්ලිමේන්තුව  රුපියල් බිලියන   200 ක මුදලක්  පසුගිය කාල සීමාවේදී අනුමත කළ බවද ප්‍රකාශ කළේය.

මේ අතර  සුදු සීනි සඳහාවූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින්  ඉදිරිපත් කළ ගැසට් පත්‍රයටකටද  රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ අනුමැතිය මෙහිදී හිමිවිය.

සීනි සම්බන්ධයෙන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා  වෝහාරික වාර්තාවක අවශ්‍යතාව  මෙම කාරක සභාව හමුවේ තමා  කිහිපවරක් අවධාරණය කළ බව  ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී පැවැසීය.

මෙහිදී  මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ නුදුරේදීම  ඒ සම්බන්ධයෙන්  සංවාදයක නිරතවීමට හැකියාව ඇති බවයි.

මාර්ගගත ක්‍රමයට පැවති  මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍යවරුන්වන  සුසිල් ප්‍රෙම්ජයන්ත,ආචාර්ය නාලක ගොඩහේවා  යන මහත්වරුන්ද  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර  මහතා ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ. 

 



අදහස් (4)

රජයේ ණය ගැනීම් සීමාව කෝටි 40,000කින් ඉහළට

Nuwan Monday, 08 November 2021 01:42 PM

ඕකට සාපේක්ෂව ඔය ගන්න ණයෙන්ම ගැහිල්ලත් සුපිරියට ඉහළ ගිහිල්ලා වගේ පේනවා රටේ වෙන දේවල් හැටියට...!!!

:       1       16

fairoosMonday, 08 November 2021 05:34 PM

ඕක මොකක්ද? ඉන්න හිටින්න රටක් තියෙනවනේ...

:       0       0

saliya Monday, 08 November 2021 05:21 PM

කොවිඩ් අරමුදලට මොකද වුණේ හාමුදුරුවනේ?

:       0       1

ජනතාව Monday, 08 November 2021 05:32 PM

රටේ ආර්ථිකය කවුරු කොහොම විවේචනය කලත් ජිම් කට්ටල බෙදා දෙන එක, අලුත් පාරවල් ,ඇවිදින මං තීරු හදන එක මේ වෙලාවෙම පටන් ගන්න ඕනෙ කියල ඇමතිලා දන්නවා. ජනතාවට මතක නැහැ ඇමති තුමන්ලා ඒ අයව චන්ද කාලෙදි කොයි තරම් සතුටු කරනවද කියලා. මේ තමයි නියම සංවර්ධනය. ලගදි චන්දෙත් තියනවා නොවැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 582 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site