(රංජන් කස්තුරි)
රාජ්‍ය ආයතන වල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පෞද්ගලික හෝටල්වල පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය ආයතන වල ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිතා නොකර අධික මිල ගණන් ගෙවා සුඛෝපබෝගී හෝටල්වල පැවැත්වීමෙන් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම සඳහාත් රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙසත් එම චක්‍රලේඛය නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අද (6) සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
COMMENTS
ජය වේවා
නියමයි
රජයේ මුදල් අපේම මුදල් බව ආයතන වල ඉන්න නිලධාරීන් දන්නේ නෑ. රටේ අහිංසක ජනතාවට මේ විනාශ වන මුදල් බරක් බව මේ වන විට ජනාධිපතිතුමාගේ උගත් ආර්ථික උපදේශක මහතුන් පවා දන්නේ නෑ. තමන් කිහිපදෙනෙක් රජයේ මුදල් අයතා ලෙස වැයකරමින් කරනා දූෂණයන් වසා ගැනීමට ඊට පහලින් ඇති සේවකයන් තරු හෝටල් වලට ගෙනගොස් පුහුණු දේශණ පවත්වනවා. ඇති තරම් ශාලා පහසුකම් තියෙද්දී තමා මෙසේ කරන්නේ. සමහර ආයතනවල පසුගිය කාලයේ තමන්ගේ රියදුරන් පවා පුහුණු වීම් සඳහා යයි කියමින් පිටරට යැව්වා. ඒ නිසා ජනාධිපතිතුමා මේ කරපු වැඩේ හොඳ වැඩක්.
දැන් ඉතින් 2015 ට පෙර, බොහෝවිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව හතු පිපෙන්නාක් මෙන් රට වටා ඉදිවුන සුඛෝපබෝගී හෝටල් වහන්න වෙයි ! පිනට දීපු කොළඹ වටිනාම ඉඩමේ ඉදිවුන ශ්‍රැංග්‍රීලා හෝටලයේ අධිමිල සම්මන්ත්‍රණ ශාලාවල මෙතෙක් පැවැත්වුන සාද, සම්මන්ත්‍රණ, රැස්වීම් සඳහා අසරණ බදු ගෙවන්නන් කොතරම් මුදලක් වැයකර තිබේද කියා ගණන් බැලුවොත් නරකද ?
මෙය ඉතාම හොඳ කාලෝචිත අදහසක්. නමුත් ජනාධිපතිතුමාට මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්නට තිබුනේ එතුමා ජනාධිපති ධුරයට පත්වුන වහාමයි. ඉතින් පමාවෙලා හරි මෙවැනි මහජන සල්ලි ගිලින කපොල්ලක් වැසීම ගැන නම් සතුටුයි.
සල්ලි නැත.
මෙරට දේශීය රැස්වීම් සිංහල භාෂාවෙන් කලුතු බවටත් උපදෙස් දෙනවනම් හොදයි අපේම අයට තමන්ගේ භාෂාව මොකද්ද කියල අමතක වෙලා
ඒ එක්කම මන්ත්‍රී වරුන්ටත් උපදෙස් දෙනවද අලාභ හානි කරන්නේ නැතුව විනීතව පාර්ලිමේන්තුවේ හැසිරෙන්න කියලා.....
රාජ්‍ය ආයතන වල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පන්සල්වලත් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ.
අපේ ජනාධිපති කියන දේවල් කරන කෙනෙක් නෙවෙයි, රජයේ වැඩවලට පාසල් ළමුන් ගන්න එපා කිව්වා කෙරුනද,
හෝටල් අයිතිකරුවන් සංචාරක සම්මාන උළෙල වර්ජණය කරනවා කියපු නිසා නේද මේ??? අපිව තම්බන්න ටිකක් අමාරුයි... ඇත්තටම සල්ලි ඉතුරු කරන්න ඕනේ නම්, ඔයා ජනාධිපති උන ගමන් ඔය වැඩේ කරන්න තිබුණා... මෙච්චර කල් නිකන් පිටරට ගිහින් හෝටල්වල නැවතිලා රටට ගෙනාපු ප්‍රතිඵල කිව්වානම් මීට හොදයි...
මරේ මාරු ! හුරේ ! නියම එඩිතර තීරණයක් ජනපති තුමනි ! හැබැයි සාමාන්‍ය පුරවැසියාට තියන ප්‍රශ්නයක් මම මේ නිකමට අහන්නේ අර කෘෂිකර්ම අමාත්‍යංශයේ නිකන් තියන ගොඩනැගිල්ලට 1) වසර ගණනක් නිකරුනේ මුදල් ගෙවීම 2) අලුත් වැඩියාවට තවත් මිලියන ගණනක් වැයකිරීම ඔය විෂය පථයට අයත් වන්නේ නැත්ද ?
අරලිය හෝටල් වලවත් බැරිද
රාජ්‍ය බැංකු මේ අතින් ඉහලින්ම ඉන්නවා. කිසිම වැඩක් නැතිව පුහුණු සැසි සහ රිවිව් මිටින්ග් තියල තරු හෝටල්වල සති අන්තය ගතකරලා එනවා. ලංකා බැංකුවේ මේ අතින් වාර්තා තියල සමහර ඒවා තියන්නේ පිට රටවල හෝටල් වල.
දැන් කට්ටිය මාර හොඳ වෙන්න යනවා. මහ ඡන්දයක් ළඟ නිසා. අපිට අමතක නැහැ කෝටි ගණන් වියදම් කරලා උත්සව තියලා කලාකාරයන් ගෙන්වලා (හම්බන්තොට වරාය එහෙම)කොටින්ම ඡන්දෙට පවා සිල් රෙදි ඔරලෝසු දුන්නු හැටි..
දැන් කට්ටිය හොද වෙන්න යනවා.මහා ඡන්දයක් ළඟ නිසා. අපිට අමතක නැ
ඕක අර සංචාරක ව්‍යාපාරයේ සම්මාන උළෙලට ජනාධිපති තුමා සහභාගී උනොත් සමහර ප්‍රධාන පෙලේ සංචාරක ආයතන සහභාගී නොවන බවට කල ප්‍රකාශය හේතුවෙන් ගත්තු තීරණයක් කියලයි අපට හිතෙන්නේ.
ඔබ තුමාට ආරධනා කරපු උත්සවයකට නැවත එන්න එපා කියලා අවලංගු කලානේද? පව් ඕවා දුකට කරන දෙවල් ,ලොකු හෝටල් වලට යන්න බයද?
මේක හොඳ තීරණයක්. නමුත්, මෙයා අවුරුදු 3.5 කට කලින් කරා නම් තමයි හොඳ....