(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප්) කැඳවීමට තීරණය කර ඇත.
මේ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අනිද්දා( 11) කැඳවන බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය ඇගයීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව මෙදින සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර ජාතික තරුණ සේවා සභාව සමග තරුණ සේවා (පුද්ගලික) සමාගම ලබන 16 වැනිදාත් , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 17 වැනිදාත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලබන 23 වැනිදාත් කෝප් කමිටුව හමුවට කැදවන බව සභාපතිවරයා පැවැසීය.
තවද ගල්ඔය වැවිලි සමාගම ලබන 24 වැනිදාත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නොවැම්බර් 30 වැනිදාත් කෝප් කමිටුව හමුවට කැදවා ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යන ආයතන පිළිවෙළින් ලබන මස 01, 02, 07, 09 යන දිනවල කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබ ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රාජ්‍ය ආයතන දහයක් කෝප් කමිටුව ඉදිරියට
Sunil Tuesday, 09 November 2021 05:59 PM
මේ ඇතැම් ආයතන වල අනන්තවත් දුෂණ සිදු වූ බව නම් පැහැදිලියි .නමුත් මේ කැඳවීම් වලින් වැඩක් වෙන්නේ නැහැ .ජනතාවට රජය ගැන සහ රාජ්‍ය ආයතන ගැන ඇත්තේ දැඩි කලකිරීමක් .මෙතෙක් කැඳවූ ආයතනවල සිදු වූ දුෂණ සහ අක්‍රමිකතා ගැන ගත ක්‍රියාමාර්ග මොනවද ?ජනතාව මෙය දැන ගත යුතුයි
Ranjith Dubai Wednesday, 10 November 2021 09:55 AM
කරුණාකර කෝප් කමිටුවේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ සම්බන්ධතා අංක ප්‍රසිද්ධ කරන්න. රටේ පුරවැසියන් වශයෙන්, අපගේ සොයාගැනීම් සහ පැමිණිලි අපගේ සම්බන්ධතා තොරතුරු සමඟ සෘජුවම කෝප් කමිටුව වෙත ලබා දීමට අපට හැකියාව ඇත. නිර්නාමික පැමිණිලි භාර නොගත යුතුය. එමඟින් බොහෝ දූෂණ පහසුවෙන් සහ කෙටි කාලයක් තුළ සොයා ගැනීමට අවස්ථාව සැලසේ.