IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක්

( +++ රංජන් කස්තුරි සහ නාලක දහනායක)

රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එළැඹීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විශේෂ චක්‍ර ලේඛයක් නිකුත්කර ඇත.

විදේශ රාජ්‍යයන් හෝ විදේශ ආයතන සමග ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ බලය  මින් ඉදිරියට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වෙත පැවැරෙන බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

 ඉකුත් කාලයේදී රාජ්‍ය ආයතන විදේශ ආයෝජකයන්, ණය දෙන ආයතන, විදේශ සංවිධාන සහ දූත මණ්ඩල සමග සම්බන්ධ වෙමින් විවිධ මූල්‍ය වැඩසටහන්, ණය ලබා ගැනීම් සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති අතර ඉන් බොහෝ ගැටලු ඇති වී තිබෙන බව ද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

 එලෙසින් එළැඹි බොහෝ ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ගිවිසුම් මෙන්ම අවබෝධතා ගිවිසුම් නිසි  අවශ්‍යතා ඇගැයීමකින් සහ ප්‍රමාණවත් පරිදි පූර්ව සූදානමකින් තොරව දුර්වල ලෙස සකසා ඇතැයි ද මේ හේතුවෙන් එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී නීතිමය බාධක ඇතුළු බහුවිධ දුෂ්කරතා රැසක් පැන නැගී ඇතැයි ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙවැනි දුර්වලතා සහිත ගිවිසුම් නිසා විශ්වාසය පළුදුවීම්, පාර්ශ්වයන් අතර සදොස් වැටහීම්, නීතිමය ආරවුල්, කීර්තිනාමයට හානි වීම් සිදු වී විවිධ අක්‍රමිකතාවන්ට පවා හේතු වී ඇතැයි ද එහි සඳහන් වේ.

 ඒ අනුව මින් ඉදිරියට ආයෝජන ව්‍යාපෘති සඳහා වන යෝජනාව, මූල්‍ය යෝජනා හෝ ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය වශයෙන් ප්‍රදානය කෙරෙන ආධාර, විදේශ ණය, අරමුදල් සම්පාදනය කිරීම, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වන බව ද එම චක්‍රල්ඛයේ දැක්වේ.

දැනටමත් අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම් හා අත්සන් කිරීමට ඇති ගිවිසුම් පිළිබඳව සවිස්තාරාත්මක ලයිස්තුවක් සකස් කර විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වෙත යොමුකර නිසි මඟ පෙන්වීමක් ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයාගේ එම චක්‍රලේඛයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

 ඉහත ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් තොරව, නීතිපතිගේ පූර්ව අනුමැතිය, අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලබා ගැනීමකින් තොරව විදේශ රටවල් හෝ විදේශ ආයතන සමඟ කිසිදු බැඳීමක් ඇතිකර නොගත යුතු බව ද එම චක්‍රලේඛයෙන් රාජ්‍ය ආයතන  ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.



අදහස් (9)

රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක්

Mahee Monday, 23 December 2019 04:48 AM

ඉතාමත් වැදගත් ඉතාමත් කාලෝචිත නියෝගයක්. විශේෂයෙන් අපි දැක්ක උතුරු පළාත් සභාවත්, නැගෙනහිර පළාත් සභාවත් රටට අහිතකර ගිවිසුම්වලට අත්තනෝමතිකව එළැඹිලා රටට ප්‍රශ්න ඇතිකළ හැටි. මේ ලෝකේ පවතින්නේවත් නැති, කඩදාසිවලට පමණක් සීමාවූ "විදේශීය ආයතන" යයි කියාගත් හොර තක්කඩින් සමග ගහපු ගිවිසුම් හින්දා අදටත් ප්‍රශ්න... කොහොමත් අමාත්‍යංශ දෙපාර්තමේන්තුවලට වඩා පලා බබාලා තමයි මේ වැඩේ කරන්නේ.

:       183       1165

jagta Monday, 23 December 2019 04:55 AM

ඉතාමත් හොද වැඩක්.

:       2       414

සමන්ත Monday, 23 December 2019 05:45 AM

හැම එකටම මේ වහල්ලු කාලෝචිත යෝජනාවක්.., හොඳ යෝජනාවක්... ජනාධිපතිතුමාගේ හොඳවැඩක් ගගා මෙලෝ අවබෝධයකින් තොරව කඩේයනවා. මේක හොඳ යෝජනාවක් වෙන්නේ කොහොමද? මේකෙන් වෙන්නේ ආයෝජකයන්, විදේශ ණය සම්පත් ආදිය නැතිවෙන එක මිසක් ලැබෙන එක නෙමෙයිනේ... මේකෙන් අධීක්ෂණය කෙරුණත් වෙන්නේ තවත් නිලධාරි වාදයකට යටවෙන එකයි, ඉහළින්ම වංචා, දූෂණ ඇතිවෙන්න හේතුවෙන එක විතරයි. රටක් අලුතෙන් පාලනය කරන්න ආණ්ඩු පත්වුණු පලියට සියලු දේ වෙනස් කරන්න යන්නේ නැහැ. ඒවාට නීතිරීති තියෙනවා.

:       1104       21

IndhikaMonday, 23 December 2019 06:21 AM

අරාබියෙන් ආධාර අරන් නැගෙනහිර විශ්වවිද්‍යාල සහ ගම්මාන හදනකොට ඔය කියන නීති බලපෑවේ නැද්ද?

:       41       385

RaveendraMonday, 23 December 2019 06:31 AM

සමන්ත මයා වෙත, අප ඔබගේ අදහස්වලට ගරු කරන අතරම ඒ පිලිබදව කණගාටු වන්නෙමු. කෙනෙකු හොද වැඩක් කරේ නම් එය අප නිහතමානිව අගය කරන්නෙමු. එලෙසම කෙනෙකු ජඩ වැඩක් කරේ නම් එය නොබියව අප විවේචනය කරන්නෙමු.

:       51       103

samanMonday, 23 December 2019 07:13 AM

ඔයා සමන්ත විද්‍යාරත්නද?

:       0       19

Deepal Nirosh Monday, 23 December 2019 06:02 AM

ඉතාම වැදගත් හා කාලෝචිත තීරණයක්.

:       0       207

දිමුත් Monday, 23 December 2019 06:20 AM

මේක වැදගත් තීරණයක්. රටේ සියලු රජයේ ආයතන ක්‍රියාකළ යුත්තේ රජයේ පොදු ප්‍රතිපත්තියකට මිස එක එක විදෙස් ආයතනවල වුවමනාවන්ට සහ න්‍යාය පත්‍රයන්ට අනුව නොවෙයි.

:       0       232

vijitha Monday, 23 December 2019 06:44 AM

සමන්ත වගේ අන්තවාදී අය ලංකාවේ ඉන්නකන් දියුනුකරන්න අමාරුයි. රටක විදේශ ප්‍රතිපත්තියක් තියනවා මේක ප්‍රාන්ත රජයක් නොවේ

:       0       191

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 327 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 847 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1274 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site