බිමල් ෂ්‍යාමන් ජයසිංහ
පුද්ගලයන් දෙදෙනෙකුගේ නඩු සම්බන්ධ ලිපි ගොනු දෙකක් සන්තකයේ තබා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත අද (19) කැඳවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ප්‍රදීප් එක්නැලිගොඩ සහ වසීම් තාජුඩීන් යන අයගේ නඩු සම්බන්ධව බී වාර්තා ඇතුළත් නඩු ගොනු දෙකක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
ඉකුත් ජනවාරි 4 වෙනි දින බස්නාහිර දකුණු දිශාව අපරාධ කොට්ඨාසය මගින් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේ ඒ 5 දරණ ස්ථානයට අදාළව ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත එම ස්ථානය සෝදිසි කිරීමේදී බී වාර්තාවක් ඇතුලත් එම නඩු ගොනු දෙක, බලපත්‍ර රහිත මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක්, දෘඩ තැටි විශාල තොගයක් ,සීඩී තැටි 162 , ජීව උණ්ඩ 127 ක් අඩංගු පෙට්ටි තුනක් පොලිසිය බාරයට ගෙන තිබිණි .
ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්නැලිගොඩ හා තාජුදීන්ගේ ලිපිගොනු ළඟ තබා ගැනීම වරදක්දැයි තීරණය කිරීම අධිකරණයේ ක්‍රියාවක්. ඒත් ඉතින් ලිපිගොනුත් තියෙන එකේ ඒ නඩු ඉක්මනින් අසා වැරදිකරුවන්ට දඬුවම් දීම නේද කලයුත්තේ.