IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රංජන් බලන්න සජිත් යයි

(නිමල කොඩිතුවක්කු)


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පෙරවරුවේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.


අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට අද පෙරවරු 11ට පමණ ගොස් රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් පසුව විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ  අදහස් දක්වනු ලැබීය.


පවත්නා නීතිමය තත්ත්වය තේරුම් ගනිමින් රන්ජන් රාමනායක මහතා වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීමට කතානායක වරයා කටයුතු කළ යුතු බවද එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.


සිරගෙදර තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවධානය යොමු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය. 


තම පක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත්  පැවසීය.


මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (9)

රංජන් බලන්න සජිත් යයි

Senarath Monday, 22 February 2021 10:17 AM

ඔව්, ඉතින් ලොක්කෝ කියපු දේවල් කරලනේ රංජන්ට ඔය දඬුවම ලැබුණේ. බලන්නවත් යන්න ඕනෑනේ...

:       17       54

Raveendra Monday, 22 February 2021 10:59 AM

හිරේ, විලංගුවේ සිටින කෙනෙකු බලන්න ගිහින් එතනත් පාට පාට කැට ඉදිරියේ ගොන් පාට්.... අනේද කියන්නේ මෙහෙමත් අය?

:       20       47

විපරමා Monday, 22 February 2021 11:08 AM

මිනීමරුවන්, අපරාධ කාරයන්, මහා පරිමාණ හොර දූෂිත දේශපාලුවන්, කුඩු ජාවාරම් වලට හවුල් උදවිය අද නිදහසේ නිදැල්ලේ. නීති පොතේ තිබුණට වැඩ සිද්ද වන හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       15       30

චින්තක Monday, 22 February 2021 11:59 AM

ඉස්සර අපරාධ කාරයෙක් හිරේ අච්චු කරන එක සැලකුවේ මහා අවනම්බුවක් විදියට. ඒ වගේ අපරාධකාරයින්ව බලන අය වුණත් ගියේ ඉතාම අප්‍රසිද්ධියේ... ලැජ්ජාව නිසා. එ්කට අද? අපරාධකාරයාව බලන්න යන්නේ කැමරා අරගෙන, බෙර ගහගෙන, කොටින්ම රටට පෙන්නනවා අපරාධකාරයෙක් වෙනවා කියන්නෙත් ජොලි වැඩක් කියලා, ඉතින් රටේ අපරාධ අඩු වෙයිද?

:       25       41

Kamal Monday, 22 February 2021 12:02 PM

දුප්පතාට කිවිසුමක් ගියත් හිරේ. බිලියන් ගණන් හොරකම් කළවුන් රජමැදුරේ...

:       8       36

Janitha Monday, 22 February 2021 04:48 PM

මෙයා බොරු රැවුල් කාරයාවත් බේරගන්න ගියානේ...

:       0       1

Rata Perata Monday, 22 February 2021 06:52 PM

පක්ෂ, පාට නැතිව මිනිස්සු රන්ජන් මහතා වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ. අධිකරණය දූෂිතයි කියපු එක වැරැදි වෙන්නේ කොහොමද? සරත් එන් සිල්වා මහත්තයාත් කිව්වේ හිරේ ඉන්න ඕනෙ කෙනෙක් රජමැදුරටත් යැව්වා කියලා...

:       1       0

Chinthaka Tuesday, 23 February 2021 03:49 AM

පුතාණෝ බලන්න ගිහින් තියෙන්නේ..වෙන කරන්න වැඩ නැති හින්දාම හොඳයි.

:       0       1

Bamunuarachchi Wednesday, 24 February 2021 12:58 PM

මඟ ඉඳන්ම අල්පොන්සෝට වැඳගෙන යන්නේ. සජිත් ගැන කීව හඬපටය අපිත් ඇසුවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 567 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 327 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site