IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


රංජන් බන්ධනාගාර ආරක්ෂාව මැද මළගෙදරක යයි

(නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිව් අවුරුදු සිර දඬුවම් විඳින හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ  ඔහුගේ ඥාතී නැන්දනියගේ අවමංගල්‍යයට සහභාගී කළ බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

රන්ජන් රාමනායක මහතාගේ  නැන්දණියගේ වියෝව හේතුවෙන් කනගාටුව පළ කර අවසන් ගෞරවය දැක්වීම සඳහා ඔහු මීගමුවේ පිහිටි අදාල මල් ශාලාවට රැගෙනවිත්  අවස්ථාව සලසා දෙන ලෙසට රාමනායක මහතාගේ ඥාතීන් කළ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය  ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය .

ඒ අනුව රන්ජන් රාමනායක මහතාව බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් පැමිණ මීගමුවේ පිහිටි මල් ශාලාවක පැවැති අවමඟුලට  සහභාගි කරවා ඇත.

සුදු සරමකින් සහ කමිසයකින් සැරසි ආරක්ෂිත කබායක් සහිතව අත් විලංගු ලා සිටි රන්ජන් රාමනායක මහතා, සුළු වේලාවක් දේහයට ගෞරව කිරීමෙන් පසු නැවතත් බන්ධනාගාර නිලධාරීන් භාරයේ  බන්ධනාගාර බස් රථයෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරය බන්ධනාගාරයට පිටත්ව ගියේය .

 

 



අදහස් (4)

රංජන් බන්ධනාගාර ආරක්ෂාව මැද මළගෙදරක යයි

kapila Wednesday, 04 August 2021 06:05 PM

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට මහජන මුදලක් වැයකොට ඉතා සුළු වෙලාවකට මීගමුවට නොපැමිණ, මෙවැනි තාක්ෂණය දියුණු යුගයක අවමංගල්‍යයට සහභාගි වීමට හැකියාව තිබිණි.

:       348       74

RaveendraThursday, 05 August 2021 05:29 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. එලෙසම අනෙකුත් සිරකරුවනුත් මෙවන් අවස්තාවකට මුහුණදීමට සිදුවුවහොත් ඒ සියලුම සිරකරුවන් මෙසේ මහජන මුදල් වියදම් කර රැගෙන යන්නේද යන්න අප අදාළ අංශ වලින් විමසීමට කැමැත්තෙමු.. "මුන්දෑට පමණක් මෙය විශේෂයක්ද නැතහොත් අනෙකුත් සිරකරුවන්ට මෙම අවස්ථාව ලබා දෙන්නේද" යන්න දැනගනුමට කැමැත්තෙමු.

:       1       0

Thilak Wednesday, 04 August 2021 11:28 PM

නළුවෙකුට කල හදියක් .මෝඩ වැඩ නොකර රඟපෑම් විතරක් කලානම් අද මෙහෙම වෙන්නේ නැහැ

:       1       1

Bamunuarachchi Thursday, 05 August 2021 11:51 AM

මේ ප්‍රවෘත්ති වලින් අපිට ඇති ප්‍රයෝජනය මොකක්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 958 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1021 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 406 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site