IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රෙජිනෝල්ඩ්ට - නිලුකාට සංස්ථා සභාපතිකම් දෙකක්

(අජන්ත කුමාර අගලකඩ)

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන්ද සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

ඔවුන් දෙදෙනාට පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් ඊයේ (09) සිදුවිය.

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරයාව සිටි රෙජිනෝල්ඩ් කුරේ මහතාත් , සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරියව සිටි නිලුකා ඒකනායක මහත්මියත් ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව ඉකුත්දා ආණ්ඩුකාරධූරවලින් ඉල්ලා අස්විය.

 



අදහස් (13)

රෙජිනෝල්ඩ්ට - නිලුකාට සංස්ථා සභාපතිකම් දෙකක්

Raveendra Wednesday, 09 January 2019 05:25 PM

අනේ ඇහැව්වට අමනාප වෙන්න එපා. අමතක වෙන නිසා අහන්නේ ඇස්වහක් කටවහක් නැහැ " ලෝකේ දිගම සාරි පොටේ හුටපටයට " සම්බන්ධ බබාලත් ළමයි නේද මේ? මේ දරුවට සුදුසුම රෙදි සංස්ථාවේ සභාපතිකම නොවේද?

:       0       0

ලුම්බිණි Wednesday, 09 January 2019 11:08 PM

මේ අය කවදාවත් විශ්‍රාම ගන්නේ නැද්ද?

:       0       0

කල්පනා Thursday, 10 January 2019 01:12 AM

සංස්ථා හා මංඩල වල සේවය කරන අයට උසස්වීමක් ලෙස සභාපති හා අධ්‍යක්ෂ තනතුරු දෙනවානම් එම ආයතන ඉතා ලාභ ලබන ආයතන කරගත හැකියි. මෙලෙස දේශපාලන හිතවත් කමට තනතුරු දුන්නම හැමදාම පාඩුයි. භාණ්ඩාගාරයෙන් ගෙවන්න වෙනවා. මෙම ක්‍රමය වහා නැවැත්විය යුතුයි

:       8       87

Jagath Leanage Thursday, 10 January 2019 01:52 AM

ජනාධිපතිතුමෝ මටත් ඔය ඉතුරු වෙලා තියන මොනවා හරි පට්ටමක් දෙන්නකෝ. හොරකම් කරන්නේ නැහැ.

:       2       31

Rasi Thursday, 10 January 2019 06:09 AM

ලංකාව ගැන පුදුම හිතෙනවා. මේ අයට ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් රටකට හරියයිද.?

:       1       50

Philip Thursday, 10 January 2019 07:06 AM

මේ... අර දිගම සාරි කේස් එකේ, සරත් ඒකනායක සුදනා කරපු කෙනාද? ඉතින් කොහෙද රටට හරියන්නේ...?

:       6       4

sandy123 Thursday, 10 January 2019 08:05 AM

මෙයින් අපට නැවත නැවත ගම්‍ය වෙන්නේ කුමක්ද? දේශපාලනය කුණු ගද ගසන අසුචි වලක් බවම නොවේද? ඕනෑම පුද්ගලයකුට යම් කිසි කාර්යක හෝ දෙකක නිපුණත්වය ඇති බව ඕනෙම පුද්ගලයෙක් දන්නා කාරණයක්. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් මේ දේශපාලකයන් තමන් ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී කෙනෙක් වුනොත් ඕනෙම විෂයක ඇමතිධූරයක්, නැතහොත් රජයට සම්බන්ධ ඕනෙම ආයතනයක ඉහළ පුටුවකට පැමිණෙන්නේ කුමන නිපුණත්වය මතද? රටේ මුල් පුරවැසියාට, දෙවන පුරවැසියාට හෝ වෙනත් දේශපාලන බලවතුන්ට ගොට්ට අල්ලා නොවේද? ඔවුන්ගේ තීන්දු තීරණ කොතරම් දුරට එම අංශයට, පරිසරයට, ජනතාවට හෝ රටට වසිදායකද? නැතහොත් එයින් ලැබෙන පලදායිතාව කුමක්ද? ඒහා බැදුණු ඔවුන්ගේ උපදේශකවරු හෝ පුද්ගලික ලේකම්වරු බොහෝ විට තම ඥාතින් හෝ ගෝල බාලයන් වන රටකට යන කල දසාව කුමක්ද? චන්දදායකයන් වන අපට ඇති බැරෑරුම් වගකීම වන්නේ මේ අසුචි වල පිරිසිදු ජල පහරකින් සෝදා වන්දනාමාන කල හැකි සැබෑ ජනතා නියෝජිතයන් පත් කිරීමයි. නමුත් එයටද ඇති බාධකයද වන්නේ "නොමිනේෂන්" යන යතුරයි.

:       0       50

justin Thursday, 10 January 2019 08:13 AM

එතුමා සුදුසුකම් බලලද පත්වීම් දීලාතියෙන්නේ. ආයතනවල ඉහළ පත්වීම් දෙනකොට උපාධි නැත්නම් දෙන්නේ නැහැ කියල කීව. එයා එනපොට හොඳ නැහැ . ඡන්දෙට හැම පැත්තෙන්ම වැටවල් ගහල ඡන්දෙ තියන්න යන්නේ. කපටි රජා.

:       0       46

raheem Thursday, 10 January 2019 12:36 PM

මේ ලඟදි සංස්ථා හා මණ්ඩල වල සභාපතිවරු පත්කරන කොට සුදුසුකම් බලන්න වෙනම කොමිටියක් පත්කරා. ඒ අයද මේගොල්ලන්ගේ සුදුසුකම් බලන්නේ නැත්නම් ජනාධිපතිතුමා විතරද. දෙයියො දනී මන් නොදනී

:       0       1

hesa Thursday, 10 January 2019 12:54 PM

මහජනයාත් බොරුවටනේ කෑගහන්නේ. රටම එක්කාසු වෙලා විරුද්ධව වැඩ කරන්න ඕන. ඡන්දයක් ආවම මේ මොකුත් නැහැ. ආයෙත් මේ දේම කරනවා. තමන් කැමති පක්ෂයට කඩේ යනවා. ක්‍රමය වෙනස් කරමු කියනවා තරුණ පරපුර..ශබ්දය විතරයි

:       0       4

nimal Thursday, 10 January 2019 04:14 PM

නිලුකා දැව සංස්ථාවේ කේන්දර බලන්නද...?

:       0       29

pohottuwa Saturday, 12 January 2019 06:05 AM

දැව සංස්ථාවට හෙනහුරාගේ දසාව ලබලා. සියළුම දැව සංස්ථා සේවකයින්ගේ දැනගැනීම පිණිසයි. මා වැඩට එන පළමු දිනයේම ඔබ සියලුම දෙනා තමන්ගේ ජන්ම පත්‍රය හා බුලත් හුරුල්ලක් රැගෙන බෝඩ් රූම් එකට තනි පෙලට ගමන්කරන්න. ජන්ම පත්‍රය නොගෙනෙන අය සේවය අතහැර ගිය ය සේ සලකනු ඇත.

:       0       154

අන්දරේ Sunday, 13 January 2019 06:45 AM

අපේ පරපුරේ අයට, සුදුසකම් කෙසේවෙතත් නැකැත් කරුවන්ට, වන්දිභට්ටයින්ට, කේවට්ටයින්ට තනතුරු තානමාන්න දීම රජකාලයේ පටන් පැවත එන ගෝත්‍රික චාරිත්‍රයකි. මරාටත් හිටියනේ මේවගේම හාන්න ගන්න මී රැලක්. අැයි හිටන්ට බැරි?

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site