(රංජන් කස්තුරි)
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට රජය මගින් ලබාදී තිබූ ඉන්ධන කූපන් පත්වලින් ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 6 ක් වටිනා කූපන්පත් යළි රජයට බාර දී තිබේ.
කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (21) පෙරවරුවේ පැමිණි රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අමතා ස්තූතිය පළ කළ අතර ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 6 ක් වටිනා ඉන්ධන කූපන්පත් ලේකම්වරියට බාර දුන්නේය.
තමන් ආරම්භ කළ ජනතා හිතවාදී සෞඛ්‍ය සේවාව තවදුරටත් කරගෙන යෑමට අලුතින් පත්වන සෞඛ්‍ය ඇමැතිවරයාට සහය ලබාදෙන ලෙසද එහිදී රාජිත සේනාරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන කූපන් විතරක් නොවෙයි තව ටික දවසකින් වාහනත් බාර දෙන්න වේවි.
බොරු නාටකයක් දැම්මා නේද ඔහොම යන්නකෝ
මේ අවුරුදු හතරාමාරකට ඉන්ධන වලින් ඔච්චර නම්, අනිත් එවායින් කොහොම ගැහිල්ලක් ගහලා ඇතිද
බලන්නකෝ ඉතිං කොයි තරම් ජනතාවාදී අල්පේච්ඡ අවංක නායකයෙක්ද කියලා. මෙවැනි උත්තමයින්ව අපි රැකගත යුතුයි නේද?
මට නං හරි දුකයි. අනේ ඉතුරු වෙලා තිබිච්ච ලක්ෂ හයක්ම ආපහුත් දුන්නනේ. ඔන්න නියම ඇමතිවරු.
ලක්ෂ 6 ක ඉතිරි වූ කූපන්? ඒ වගේ කී ගුණයක් වියදම් කරන්න ඇද්ද, මේ මැතිවරණයට රට වටේ දුවපු දිවිල්ලට? තව මොන මොන දීමනා ගන්නවා ඇතිද? මේවා ඔක්කොම, ඇමති වැටුපට අමතරව ලබා ගන්නා දීමනා නේද? මේවා මහජන මුදල් නේද? මොවුන් වැඩි හරිය කරන්නේ ජනපති හා අගමැති යන යන උත්සව වලට රොඳ බැඳගෙන යන එක. කිසිම මහජන සේවයකට නෙවෙයි. ගරු ගෝඨාභය ජනපතිතුමනි, දැන්වත් මෙම ඇමති මන්ත්‍රීවරුන්ට දෙන නිස්කාරන දීමනා නවතා දමන්න කාලය හරි. ඔවුන් ඔබතුමා පස්සේ නිස්කාරණේ උත්සව වලට යන එකටත් තහංචි දමන්න.
පාවිච්චි කරන්න බය හිතුනා නේද? ඒත් ටැංකි පිරෙන්න ගහගන්න ඇති. ගෙදර තිබෙන බුලිවලටත් ගහ ගත්තාද?
මේ අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නේ තව මාසයක් විතරයි. ඉන්ධන කූපන් ඉතුරු වුනා නම් කලින් අවුරුදු වලත් ඉතුරු වෙන්න ඕනේ.
පුදුම අවංකකමක් කවදාවත් නැතිව
ඕවට දැන් මිනිස්සු අන්දවනවා බොරු.
වෙන කවුරුවත් ඒ වගේ ඉන්ධන කූපන් ආපසු දෙන්නේ නැද්ද?
කොච්චර යටි මඩි ගහන්න ඇද්ද. ඕක බොරු සංදර්ශනයක්.
දැන් එතකොට මෙච්චරකල් මේ අය ඉන්ධන වලින් මොනතරම් නම් නාස්ති කරන්න ඇද්ද?
අර නැවු ටිකත් භාර දුන්නනම් හොඳයි නේද?
කව්රු මොනවා කිව්වත් රාජිත තරම් නිදහස් සෞඛ්‍යයට සේවයක් කළ ඇමති කෙනෙක් ඉතිහාසයේ නැහැ. අපක්ෂපාති අයෙකු ලෙස ඔබට සහ ඔබගේ සේවයට තුති.
නැවි ටික කවද්ද භාර දෙන්නේ.
අනේ පව් අහිංසකයා. හරිම අවංකයි නේද ?
රට කාලා හක්කේ දත් අස්සෙ හිරවුන පොඩි කෑල්ලක් එළියට දාලා.
මේ වගේ අය රටටම පිළිලයක් වෙලයි තියෙන්නේ...