IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රාජිත‌ගේ නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට දෙන්නැයි නියෝගයක්

(නිමන්ති රණසිංහ)

හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා  නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි සියල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (22) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ අද (22) කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ, මෙහි විමර්ශන සිදුකර කිරිම සදහා අවශ්‍ය ලේඛණ නොමැති වීම හේතුවෙන් මේ වන විට ගැටලුවක් මතුවී ඇති බවය.

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව ධීවර අමාත්‍යාංශය මගින් අල්ලස් කොමිසමට ලබාදුන් අදාළ සියලු ලේඛණ වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.



අදහස් (4)

රාජිත‌ගේ නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට දෙන්නැයි නියෝගයක්

චන්දන Wednesday, 22 December 2021 06:53 PM

ආ... එයත් චීනෙත් එක්ක ජයට ගනුදෙනු... අපි තමා මෝඩයෝ. එයාලා මයික් ටාසන්ලා. නැව් 8ක්. දුප්පත් අපි වෙනුවෙන් ගෙන්නපුවා...

:       1       0

BamunuarachchiThursday, 23 December 2021 07:12 PM

ඇයි හලෝ චීනේ කිව්වම මඥ්ඥං වෙන්නේ...? චීනේ සමග ඇමරිකාවට ගනුදෙනු කරන්න හොඳනම් ලෝකේ අනික් රටවලට ගනුදෙනු කරන්න හොඳ නම් ඇයි අපිට බැරි? ගූගල් කරලා බලන්න ඇමරිකාව චීනෙට ඩොලර් ට්‍රිලියන 1.7ක් ණයයි.

:       1       1

දාස Thursday, 23 December 2021 07:02 AM

මේ අයයි දැන් පාලකයොයි අතර වෙනසක් නෑ එකම කාසියෙ දෙපැත්ත.

:       0       2

Bamunuarachchi Thursday, 23 December 2021 12:43 PM

අවුරුදු 5 බලයේ ඉඳලා රාජපක්ෂ ආණ්ඩුවේ හොරු අල්ලගන්න බැරි උනා. අපි ආවේ යහපාලක හොරු අල්ලන්න නොවෙයි නමුත් දැලට අහුවෙනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site