(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් ඔවුන්ගේ සිරුරු වල විවිධ ස්ථාන වල සඟවා ගෙන එනු ලබන නීතිවිරෝධී ද්‍රව්‍ය ක්ෂණිකව අනාවරණය කරගත හැකි විශේෂ ස්කෑන් යන්ත්‍රයක් රේගු පරිශ්‍රයේ සවි කර ඇති අතර එම යන්ත්‍රය ඊයේ (30) රාත්‍රීයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ පරීක්ෂාවට ලක්විය.
ඒ ජනාධිපතිවරයා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කර කටුනායක ගුවන්තොටුපළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටි අවස්ථාවේදීය.
රේගු නිලධාරීන් තෝරා ගත් සැක සහිත ගුවන් මගීන් මෙම ස්කෑන් යන්ත්‍ර වෙත යොමු කරන අතර ඔවුන්ගේ සිරුරු භෞතික පරීක්ෂණයකට ලක් නොකර ක්ෂණිකව ඔවුන් සඟවා ගෙන ඇති දෑ එම ස්ථාන ද සමඟ අනාවරණය කරදෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් වගේ වුණත් හංගාගෙන ගේන්න බැරිවෙයි මීට පස්සේ. අපරාදේ රේගුවේ මහත්තුරුන්ට බලන්න දෙයක් නැතුව යනවා.
වැඩේ හොඳා ජනාධිපතිතුමනි...
ඔය ඕන යන්තරයක් පරාදයි පගාවට...
රේගුවේ ඉන්න අය සි සි ටීවී එකටත් ඒ කාලේ විරුද්ධ වුණා මතකයි.
නීතියේ හිල් පුළුවන් තරම් වැසිය යුතු හෙයින් සියලුම මගීන් මෙම ස්කෑන් යන්ත්‍රණය තුලින් ගමන් කිරීමට සලස්වන්න.
අපේ සමහර නායකයෝ රට යද්දී ඕක මැද්දෙන් යවන්න එපා.
තානාපති කන්තෝරු වලට ගේන බඩුත් ඕක මැද්දෙන් යවන්න බැරිද? එතකොට උතුරේ බිම්බෝම්බ ඉවත් කරන්න, අරවට මෙව්වට කියලා ගෙනෙන බඩු භාණ්ඩ ඇතුලේ හංගල ආයෙත් කොටි හමුදාවක් පුහුණු කරන්න ගෙන සේරම දේවල් අහුවෙනවා.
එන මගීන් ටික ඔක්කොම ස්කෑනර් එක ඇතුලෙන් යවලා මොනවා හරි අහු උනාම ගැන කතා කරගන්න රේගු නිලධාරීන්ට කාලය ඉතුරුවෙනවා මේකෙන්. දැනට වෙන්නේ ඒ විදිහටයි. හොද දෙයක්. ඔක්කොටම කලින් රේගු නිලධාරීන් පරික්ෂා කරන ස්කෑනර් එකක් හයි කරන්න ඕනේ.