IMG-LOGO

රංගජීවට වෙඩි තියන්න ඔත්තු බැලූ නවාස් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යාංශයේ  පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවේදී  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සංවිධානාත්මක ලෙස වෙඩි තැබීම සඳහා ඔත්තු සැපයූ සැකකරු වන මොහොමඩ් මායිල් මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  ඉන්දියාවේ ජාත්‍යන්තර පොලිසිය මඟින් මගින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලිසිය වෙත නිල වශයෙන් ඊයේ (10) දැනුම් දී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය. 

වර්ෂ 2017 වසරේ මැයි 9 වෙනි දින මෙම වෙඩි තැබීම හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගිය අතර  පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තුවාල ලැබුවේය.ඊට අමතරව කුඩා දරු තිදෙනෙක් ද තුවාල ලැබූ අතර  දින කීපයකට පසු එම තිදෙනාගෙන්  11 හැවිරිදි  දැරියක් ද මියගියාය.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී මෙම සැකකරු පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු සපයා ඇතැයි ද  සිද්ධියෙන් අනතුරුව ඉන්දියාවට පලාගොස්  තිබූ බවට  අනාවරණය  කර ගැනීමට හැකිවී ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාවේ මදුරෙයි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවා  තබා ඇතැයි ද මෙම පුද්ගලයා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මත්ද්‍රව්‍ය වරදක්  සම්බන්ධයෙන් බවත්   එම මත්ද්‍රව්‍ය වරදට අදාළව කරුණු විමර්ශනය  කෙරෙමින් පවතින බව ඉන්දීය ජාත්‍යන්තර පොලිසිය දන්වා  තිබෙන්නේ යැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වෙඩි තැබීමේ සිද්ධියට  අමතරව  මීට පෙර ඔහු මත්ද්‍රව්‍ය  සමග අත්අඩංගුවට ගෙන තිබෙන නඩුවක් විභාග වෙමින් පවතින බවත් ඒ අනුව අදාළ උදර්පණ නීතින් මෙන්ම අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ඔස්සේ මේ තැනැත්තා ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලීසිය බලාපොරොත්තු වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම සැකකරු කොච්චිකඩේ පෝරුතොට පදිංචිකරුවෙකු ලෙස  සහ වැල්ලම්පිටිය වෙන්නවත්ත ලිපිනයක පදිංචිකරුවකු ලෙස සඳහන්ව ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.         



අදහස් (2)

රංගජීවට වෙඩි තියන්න ඔත්තු බැලූ නවාස් අත්අඩංගුවට

Raveendra Thursday, 11 February 2021 07:45 AM

කෙසේ හෝ මෙරටට ගෙන්වාගෙන සියලු තොරතු වැමෑරීමට අවශ්‍ය කටයුතු ගෙන "ඇඩ්‍රස් නැතිවෙන්නම දීම" සාමකාමී සමාජයට කරන මහඟු සේවයකි... පිනකි.

:       1       1

Nihal Thursday, 11 February 2021 09:21 AM

අර්ජුන් මහේන්ද්‍රනුත් මේ වගේම අල්ලා ගන්න බැරිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 157 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site