IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යහපාලන ආණ්ඩුවේ ප්‍රචාරක පුවරු විතරයි

(නිමල කොඩිතුවක්කු)

වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිකිරීම් හෝ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක  කළ ව්‍යාපෘති වෙනුවට ඒවා පිළිබඳ  ආකර්ෂණීය ප‍්‍රචාරක පුවරු පමණක් සවි කරමින් සිටින බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (18) පැවැසීය.

ගතවූ වසර හතරක කාලය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය සිදුකර ඇත්තේ  විදේශිකයන්ට මේ රටේ දේපල අයිතිකර ගැනීමට අවසරය දීම පමණක් යැයිද නානායක්කාර මහතා සඳහන් කළේය.

සමාජවාදී ජනතා පෙරමුණ බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා  කේන්ද්‍රයේ පැවැත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.

    ‘‘ ඇමරිකානු යුද්ධ හමුදා ගුවන්යානා ලංකාවට ඇවිත් බඩු බානවා. ඒවා මොනවද  කියලා කටවත් පරීක්ෂා කරන්න බැහැ. ඒ බඩු යුද නෞකා වලට පටවනවා.මේක සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුව අත්සන් කරපු අළුත්ම ගිවිසුමක් යටතේයි.

මේක රහස්‍ය ලේඛනයක්. මේක මගේ අතට පත්වුනේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. මේ ගිවිසුම මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අගමැතිතුමා  මේ ගැන ප‍්‍රකාශයක් කරන්නම් කිව්වා. මම බලාපොරොත්තුවෙනවා ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔහු ප‍්‍රකාශයක් කරාවි කියලා.

ඉදිරියේදී බරපතල ඹෟෂධ හිඟයක් ඇතිවෙනවා. මේ පිළිබඳ රාජිත සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ දින 51 ආණ්ඩුවේ අකර්මන්‍ය තාවය නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මම කිව්වා කරුණු සහිතව ඒක ඔප්පු කරන්න කියලා. ඒ ගැනත් රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කරයි කියලා මම බලාපෙරොත්තු වෙනවා.

මේ ඖෂධ ඇනවුම් කිරීම සඳහා වන අත්තිකාරම් ගෙවීම් වලට භාණ්ඩාගාරය  එකවර මුදල් නිකුත් නොකිරීම මෙයට හේතු වී තිබෙනවා. දැන් මේ ඖෂධ ඇනවුම් කරන්න තවත් කාලයක් ගතවෙනවා.

රජය වී මිලදී ගැනීමට සූදානම් බව කියා සිටිමින් ඒ සඳහා මිලක් නියම කරලා තියෙනවා. නමුත් වී මිලදී ගැනීම මෙතෙක් ආරම්භ කරලා නැහැ. මේ වී අඩුමිලට ගෙන මෝල් හිමියන් තොග පාලනය කරමින් ඔවුන්ම මිල තීරණය කරනවා. මේකෙන් අන්තිමට ගොවියටත් හානියක් වෙනවා, පාරිභෝගිකයටත් හානියක් වෙනවා. මේ ආණ්ඩුවේ තියෙන්නේ බල්ලට ගිය පාලනයක් විතරයි.

ඉදිකිරීම් හෝ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවට ඒවා පිළිබඳ  ආකර්ෂණීය ප‍්‍රචාරක පුවරු පමණක් සවි කරනවා. මාලබේ සිට පිටකොටුව  දක්වා උඩින් දුම්රියක් දැන් එනවා වගේ බෝඞ් එකෙන් පෙන්වනවා. හැබැයි වැඩ නැහැ.

මේකේ  කප්පිත්තා තමයි අගමැතිවරයා. අගමැතිවරයා කියනවා එතුමා හිටියොත් තව අවුරුදු  10කින් සියල්ලක්ම කරනවා. දැනට කරලා තියෙන්නේ විදේශිකයන්ට මේ රටේ දේපල අයිතිකර ගැනීමට අවසරය දීම පමණයි.

සිංගප්පූරු ගිවිසුම පිළිබඳ අපි පාර්ලිමේන්තු විවාදයක් ගන්න යනවා.අපි මේ ගිවිසුම ගැන සැබෑ තොරතුරු එහිදී හෙළි කරනවා.  ඒ විවාදය  අවසන් වනවිට මලික් සමරවික‍්‍රමට ඉල්ලා අස්වෙන්න වෙනවා’’ යැයිද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසීය.



අදහස් (0)

යහපාලන ආණ්ඩුවේ ප්‍රචාරක පුවරු විතරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site