IMG-LOGO

යොවුන් පාර්ලිමේන්තුව ඇරඹෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 


පස්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි 

දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි තරුණ  මන්ත්‍රීවරුන් 331 දෙනකු සහ විශ්ව විශ්වවිද්යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු මෙවර යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

මෙවර යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම සහ යොවුන්  පාර්ලිමේන්තුවේ නව කථානායකවරයකු පත්කරගැනීම මෙදිනට නියමිත් අතර හෙට (2) දිනයේ ද යොවුන් පාර්ලිමේන්තු සැසිය පැවැත්වේ. 

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (10)

යොවුන් පාර්ලිමේන්තුව ඇරඹෙයි

Rata Perata Monday, 01 March 2021 07:42 AM

නියම මිනිහෙක්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන්නේ.. මේ මනුස්සයා යොවුන් එකත් කනවා.

:       1       9

Hafeel Monday, 01 March 2021 08:23 AM

මේ වගේම වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න 60 පැනපු සේරම එකතුකරලා වැඩිහිටි පාර්ලිමේන්තුවක් පටන්ගත්තා නම් හොඳයි.

:       0       9

දිමුත් Monday, 01 March 2021 08:38 AM

මේවා නම් විහිලු අප්පා..

:       0       9

sharm warn Monday, 01 March 2021 09:07 AM

මේකේ සාකච්ඡා වෙන්නේ මොනවද කියලා මම දන්නේ නම් නැහැ. හැබැයි මේකෙනුත් බිහිකරන්නේ මැදමුල්ලනට වන්දි භට්ටයින් නම් අනේ පව් මේ අසරණ ළමයින්ගේ අනාගතේ...

:       1       8

සිරිබිරි Monday, 01 March 2021 11:25 AM

මුලින්ම සුපුරුදු හොරකම කරන හැටි උගන්වන්න...

:       1       5

sampath Monday, 01 March 2021 11:41 AM

ලීසින් ගෙවන්න බැරිව අපි අනාථයි. රටේ ඊළඟට සල්ලි ගිලින සෙට් එක...

:       1       5

sampath Monday, 01 March 2021 06:45 PM

ළදරු එකකුත් පටන් ගත්තා නම් නරකද මේ රටේ, මේ තරම් ප්‍රශ්න... මිනිස්සුන්ට වැලේ වැල් නෑ. මේවා මොන විිහිළුද? මොකක්ද මේකෙන් ඇති ප්‍රතිඵලේ..? කාගේ සල්ලිද මේවට වියදම් කරන්නේ..? අපි මේ මොහොතේ කළයුතු වැඩක්ද? තරුණයන්ට දේශපාලනේ ඉගෙන ගන්න ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රය හැදුවා නේද? අනෙක ඕකෙන් කී දෙනෙකුටද පාර්ලිමේන්තු යන්න ලැබෙන්නේ...?

:       0       0

විපරමා Monday, 01 March 2021 09:26 PM

මරු... මහ අයගෙන් ඉගෙන ගන්න තියෙන්නේ කපටිකම්, හොරකම්, බොරුව, වංචාව, දූෂණ මිසක් වෙන අහවල් දෙයක් කියලයෑ...

:       0       0

Raveendra Tuesday, 02 March 2021 12:21 AM

ලොම් හැලුණු 225 න් සමන්විත දියවන්නාව පට්ටිය ලෙස විරුධාවලි ලත් පැටව් පට්ටියක් ලෙස මේ දූදරුවන් දැකීමට අප කිසිවිට බලාපොරොත්තු වෙන්නෙමු. අප නුඹලාට දෙන එක අවවාදයකි. තමන්ගේ හිතට එකඟව තමන් 100%ක් නිවැරදියි, 100%ක් අවංක නම් පමණක් අනිකාගේ ගුණදොස් විවේචනය කරන ලෙසයි. තමන්ගේ ඔලුවේ කප්පරක් තියාගෙන අනිකාට ඇඟිලි දිගු කිරීම දැනට පවතින පට්ටියේ 225 ම නිවට නිහීන පුරුද්දකි. එලෙසම හොඳ දේ රට වෙනුවෙන් කරත් එය නිහතමානීව අගය කිරීමට නොබියව ඉදිරිපත්වන ලෙසයි. එලෙසම කවුරු ජඩ වැඩේ කරත් එයද නොබියව විවේචනය කර විරුද්ධ වීමටද බියනොවී ක්‍රියාකළ යුතු බවයි. එලෙසම තමන් මහජන සේවයට කැප වන්නේ නම් දැන් පට්ටියේ අය.. මට අරක නැහැ, මට මේක නැහැ ලෙස අඳෝනා නොනගා ක්‍රියාකිරීමට කැපවෙන්න. රට වෙනුවෙන් සැමවිට පෙනීසිටීම සැමවිටම කළයුතු වන්නේය.

:       0       1

sc Tuesday, 02 March 2021 07:49 AM

කරුණාකර කාලය නාස්ති නොකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site