(එම් .කේ .නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයේ වසා දමා තිබූ ආපන ශාලාව වන ජීවි අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හෙට (15) පෙරවරුවේ යළි විවෘත කෙරේ.
වසරකට වැඩි කාලයක් මෙම ආපනශාලාව වසාදමා තිබූ අතර දෙස් විදෙස් සංචාරකයින් මෙම කාලය තුළ විවිධ අපහසුතාවයන්ට පත්වූහ .
මෙම ආපනශාලාව යාල පලටුපාන සීමාවේ පිහිටුවා ඇත.
මීට අමතරව උද්‍යානය තුළ පවතින සියලුම අබලන් මාර්ග අලුත්වැඩියා කිරීමටද පියවර ගෙන ඇතැයි වනජීවී නිලධාරියෙකු පැවසීය.
COMMENTS
දැන් ඉතින් කැලේ ඉන්න සත්තුටික.. මෙතනම මරාගෙන කයි නේද..?
යාල පමණක් නෙවේ... අනෙකුත් සියලුම වනඋයන් වල සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් නවීකරණය කළ යුතු වෙයි. ලංකාවේ සංචාරකයින්ගේ සිත් දිනා ඇති බොහෝ තැන්වල හරි හමන් භෝජන ශාලා හෝ වැසිකිලි පහසුකම් නැත. ලෝකයේ ජනප්‍රියම වනෝද්‍යාන ඇති අප්‍රිකාවේ රටවල වනඋයන් මැද්දේ තැනින් තැන අාහාර ගැනීම සඳහා ආසන සහ මේස සහිත ආරක්‍ෂිත ස්ථාන මෙන්ම ඉතාම පිරිසිදු වැසිකිලි පවත්වාගෙන යන අතර එම තැන් පිරිසිදුව තබා ගැනීම සඳහා සේවකයින්ද යොදවා ඇතිබව අපි දැක ඇත්තෙමු. මේ සේවා සපයන්නේ මුදල් අයකිරීමකින් තොරවය. මෙයට අමතරව මෙම වන උයන් තුළ හදිසි ආපදාවන් සඳහා උදව් ලබාගත හැකි වාහන අලුත් වැඩියා කරන තැන් සහ ඉන්ධන ලබාගත හැකි තැන්ද ස්ථාපිත කර ඇත. එම වන උයන් තුළ අප රටේ මෙන් වාහන තද බදයක් දක්නටද නැත. රට තුළ ගමන් කරන විට ගිමන් හැරීමට, ආහාරපාන ලබා ගැනීමට සහ වැසිකිලි භාවිතා කිරීමටත් ඉතාම උසස්, පිරිසිදු අන්දමට පවත්වාගෙන යන ආපන ශාලා ඇත. මේ රටවල් ලංකාවට වඩා ධනවත් හෝ දියුණු ඒවා නොවේ. එසේවුවත් ඒ රටවල සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් අපට වඩා හොඳින් සපයයි. " අලිවැට" ද තවත් උදාහරණයකි.