IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වැඩ අරඹයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු අද (22) නිල වශයෙන් ආරම්භ කළේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වන මරිසා මටියාස් මහත්මිය යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර දිමිත්‍රා යුවානෝ  මහත්මිය එහි දෙවැන්නා ලෙස කටයුතු කරන්නීය.

විශේෂඥයන් නව දෙනකු ඇතුළු දීර්ඝකාලීන අත්දැකීම්වලින් සමන්විත 30 දෙනකු-ගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුහු කණ්ඩායම් 9ක් ලෙස මෙරට පළාත් නවය ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වෙති.

මැතිවරණ දිනයේදී තවත් පිරිසක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමට එක්වීමට නියමිත අතර ඒ අනුව මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 වැනිදා මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වන සම්පූර්ණ පිරිස 80ක් බව ද එම කණ්ඩායම සඳහන් කළේය. අවසාන දිනයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.

මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලදී නෛතික රාමුව, මැතිවරණ පරිපාලනය, ඡන්ද ලියාපදිංචිය, මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය, සමාජ මාධ්‍යය ඇතුළු මාධ්‍යය භාවිතය, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය හා සැසඳීම, ප්‍රතිඵල නිකුත් කිරීම යන අංශ ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වේ.

(ඡායාරූප - නිමලසිරි එදිරිසිංහ)



අදහස් (1)

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වැඩ අරඹයි

dad Tuesday, 22 October 2019 09:06 PM

යුරෝපා මිනිසුන්ගේ බදු මුදල් අපරාදේ , කවුරු කලත් අපරාද . මේ සැරේ මෙයලට වැල්ලේ ඉන්න අපහසු වෙයි වගේ වැස්ස කලින් ඇවිල්ලනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඳුවප් පොහොය අදයි
2024 දෙසැම්බර් මස 14 28 0

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී මහා බෝධීන


’පුෂ්පා’ අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 14 359 0

මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.


වැරදියට නම් ඇතුළත් කීරීම ගැන කරුණු කියන්න නියෝග
2024 දෙසැම්බර් මස 13 1062 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ල


පාලවිය අනතුරින් දෙකක් මරුට
2024 දෙසැම්බර් මස 13 364 0

කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ අද 13 රාත්‍රී 7.00 පමණ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇති බව නොරොච්චෝලේ


හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාවට වසරකට කෝටි 32
2024 දෙසැම්බර් මස 13 996 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය පවසයි.


ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි
2024 දෙසැම්බර් මස 13 505 0

ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21044 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17075 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13652 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 108 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 136 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 68 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site