(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය සහ යුරෝපා සංගමය නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර ඇත.
අංශ ගණනාවක් සම්බන්ධයෙන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
සුළු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුවද ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පවත්වා තිබෙන බවත් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසු ශ්‍රී ලංකාවේ ජනතාව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස භාවිත කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථාවරත්වය තහවුරු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
වෙළෙඳාම, විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව යනාදී අංශ ගණනාවක් ආවරණය පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද එහි දැක්වේ.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරන බව තවදුරටත් සඳහන් කරන යුරෝපා සංගමය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම, යහපාලනය, මානව හිමිකම් සහ සංහිඳියාව වර්ධනය කිරීමට ගන්නා ඉදිරි පියවර යනාදිය සම්බන්ධයෙන් ද ඔහු සමඟ කටයුතු කරන බව ද යුරෝපා සංගමය තවදුරටත් සඳහන් කර තිබේ. රටේ සියලු දෙනා එකතු කරගනිමින් ශ්‍රී ලංකාව එකමුතුව ඉදිරියට යෑමට ඉතා වැදගත් බව ද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිගන්නා බවත් සාමය, සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එම සංවිධානයේ කොළඹ කාර්යාලය නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
2025 දෙසැම්බර් මස 04
227
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුරෝපා සංගමයෙන් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට සුබ පැතුම්
chandima Monday, 18 November 2019 01:57 PM
සමාවෙන්න, සුබපතන්න ටිකක් පමා වුනේ රනිල්ගෙන් OK එක එනකම් උන්නු නිසා.
RaveendraMonday, 18 November 2019 08:25 PM
සුබ පැතුම් යටින් මොනවා ලියලද දන්නේ නැහැ
kiribaba Monday, 18 November 2019 05:09 PM
අපේ කියමනක් තියනවා කපන්න බැරි අත සිඹින් කියලා