යුරෝපය යළිත් වරක් 'කොවිඩ් 19' කේන්ද්‍රස්ථානය වීමේ ලකුණු පෙන්නුම් කරන බවත්, දෛනිකව යුරෝපා රටවලින් වාර්තා වන ආසාදිතයන් සහ මරණ අනුව, ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ 'කොවිඩ් 19' මරණ ලක්ෂ 5 සීමාව පසු කරනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙම අනතුරු ඇඟවීම කළේ යුරෝපා රටවල් වෙනුවෙන් පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී හෑන්ස් ක්ලූග් ය. ඒ, 'කොවිඩ් 19' සම්බන්ධයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අතරතුරේය.
'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූයේ 2019 වසරේ දෙසැම්බර් මස අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. 2020 මාර්තු මාසය වෙද්දී, වයිරසය යුරෝපයට ව්‍යාප්ත විය. 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැට කෑවේ ඉතාලියයි. ඉන්පසු මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය ජර්මනිය ඇතුළු යුරෝපා රටවල ද දරුණු වසංගත තත්ත්වයන් නිර්මාණය විය.
අද වනවිට යළිත් වරක් යුරෝපා රටවලින් ආසාදිතයන් සහ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත. ඒ, වයිරසය පාලනය කිරීමට ප්‍රමාණවත් ආකාරයට එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක නොවීම නිසා යැයි හෑන්ස් ක්ලූග් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. යුරෝපයේ කොරෝනා එන්නත්කරණ කටයුතු මන්දගාමී මෙන්ම අසමානතාවක් පෙන්නුම් කරන බව ද හෙතෙම පැවැසීය.
ස්පාඤ්ඤයේ පූර්ණ එන්නත්කරණය ලැබූ ප්‍රතිශතය ජනගහණයෙන් සියයට 80 ක් දක්වා ඉහළ මට්ටමක පැවැතිය ද, ප්‍රංශයේ එය සියයට 68 ක් බවත්, ජර්මනියේ සියයට 66 ක් බවත් වාර්තා ඉදිරිපත් කරමින් හෑන්ස් ක්ලූග් පැවැසීය. ඔක්තෝම්බර් අවසාන වනවිට රුසියානුවන් අතරින් පූර්ණ එන්නත්කරණය ලබා ඇත්තේ සියයට 32 කට පමණි.
රුසියාව මේ වනවිට දරුණු 'කොවිඩ් 19' රැල්ලකට මුහුණ දෙයි. මහා බ්‍රිතාන්‍යයෙන් සහ ජර්මනියෙන් ද ආසාදිතයන් හමුවීම ඉහළ යමින් පවතී. 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වු දින සිට ජර්මනියෙන් වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇත.
යුරෝපීය රටවල කොරෝනා නිරෝධායන සීමා ලිහිල් කිරීම ද මේ අයුරින් ආසාදිතයන් සහ මරණ ඉහළ යෑමට හේතුවක් වී තිබේ.
යුරෝපීය කලාපයේ රටවල් 53 කින් මේ වනවිට වාර්තාවී ඇති කොරෝනා මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා ඇත. මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කණ්ඩායම් ප්‍රධානී මරියා වෑන් කර්කොව් පෙන්වා දී ඇත්තේ පසුගිය සති හතර තුළ යුරෝපීය කලාපයේ කොරෝනා ආසාදිතයන් ගණන සියයට 55 කින් ඉහළ ගොස් ඇති බවය.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුරෝපා රටවල කොරෝනා ඔඩුදුවයි