IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යුරෝපය උණුසුම් වීම වේගවත් වෙයි

ගෝලීය සාමාන්‍ය අගයට වඩා යුරෝපය වේගයෙන් උණුසුම් වෙමින් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය වසර යුරෝපයේ වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වූ වසර වශයෙන් හඳුනාගෙන ඇත.

ගෝලීය වශයෙන් සැලකීමේ දී පසුගිය වසර වාර්තා වී ඇත්තේ දෙවැනියට වැඩිම උණුසුමක් වාර්තා වූ වසර වශයෙනි.

පසුගිය වසර පහ පුරා ගෝලීය උෂ්ණත්වය සාමාන්‍යයෙන් 19 වැනි සියවස අවසන් වන විට පැවති සෙල්සියස් අංශක එකේ අගයට වඩා උණුසුම් විය.

යුරෝපයේ මීට සමාන කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකක් පමණ විය.

අදට යෙදී ඇති ලෝක මිහිතල දිනයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම දත්ත එළිදක්වා තිබුණි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ අප ග්‍රහලෝකයේ දේශගුණය වෙනස්වීමේ සහ බලපෑමේ භෞතික සංඥා පසුගිය වසර පහ තුළ වඩාත් උණුසුම් උෂ්ණත්වයක් වාර්තා කරමින් වේගයෙන් ඒකරාශි වී ඇති බවයි.

යුරෝපා සංගමේ දත්ත අනුව යුරෝපා මහද්වීපයෙන් වාර්තා වූ උණුසුම්ම වසර 12 න් වසර 11 ක් වාර්තා වී ඇත්තේ 2000 වසරේ සිටය.

මේ සඳහා මූලික වශයෙන් හේතු 2 ක් බලපා ඇතැයි වායුගෝලීය විද්‍යාව පිළිබඳ බ්‍රිතාන්‍යයේ ජාතික මධ්‍යස්ථානයේ විද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය රෝවන් සටන් මහතා පවසයි.

ඒ අනුව  ඔහු පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් සාගරවලට වඩා වේගයෙන් භූමි ප්‍රදේශ උණුසුම් වීම සහ විශේෂයෙන්ම ගිම්හාන සෘතුවේදී  වායු දූෂණයේ විශේෂිත ආකාරයන් අවම වී තිබීම ඊට බලපා ඇති බවයි.


-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

යුරෝපය උණුසුම් වීම වේගවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 63 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site