රොමේෂ් මධුෂංඛ
යාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජය ද ඇතුළත් ජාතික තව්හීත් ජමාත් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බවට යාපනය පොලීසිය පවසයි.
චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල්පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවසට මෙසේ මෙම තර්ජනාත්මක ලිපිය ලැබී ඇති අතර එම අවස්ථාවේදීම විදුහල්පතිනිය ඒ බව පොලීසියට දැනුම් දෙනු ලැබ ඇත.
මේ අනුව අදාළ ලිපියේ අයි.එස්.අයි.එස්. ධජයට අමතරව තරුණයකුගේ ඡායාරූපයක් ද දක්නට ලැබෙන අතර එම තරුණයා කවුරුන් දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත් එම ලිපිය දෙමළ බසින් ලියා ඇති බවද යාපනය පොලීසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යාපනයේ පාසලක විදුහල්පතිනියකට තර්ජනාත්මක ලිපියක්