( රොමේෂ් මධුෂංඛ)
යාපනය කොකුවිල් බටහිර කේනිඅඩි ප්‍රදේශයේ අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි තරුණයෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
කේනිඅඩි ප්‍රදේශයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙක් මෙලෙස පහරකෑමට ලක්ව ඇත.
ඔහු අවමගුල් ස්ථානයේ මාර්ගයේ කොඩිවැල් ඇදමින් සිටියදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු තියුණු ආයුධ සමගින් යතුරුපැදියකින් පැමිණ පහරදී පලා ගොස් ඇති බවට අනාවරනය වී ඇතැයි පොලීසිය කියයි.
එහිදී බරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා අවමගුල් ස්ථානයේ සිටි පිරිස් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට පොලීසියට දැනුම් දී ඇති අතර යාපනය පොලිසිය විසින් අදාල පහරදීම සිදුකළ පිරිස් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් අරඹා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යාපනයේ තරුණයකුට තියුණු ආයුධ ප්‍රහාරයක්