ඉන්දිකා රාමනායක
යාන්ති‍්‍රක කියත් ලියා පදිංචි කිරීම සදහා ලබා දී තිබු කාලය මෙම මස 15 වැනි දින දක්වා දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
යාන්ති‍්‍රක කියත් ලියාපදිංචි කිරීම ඉකුත් පෙබරවාරි 20 දින ආරම්භ කර තිබු අතර ඊයේ (28) දිනෙන් එය අවසන් වීමට නියමිතව තිබිණි.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතන, සහ පෞද්ගලිකව භාවිතා කරන සියලූම යාන්ත‍්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථාන වෙත ඉදිපත් කර ලියාපදිංචි බලපත‍්‍ර ලබාගත් යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම මස 15 වැනි දිනෙන් ලියා පදිංචි කාලය අවසන් වන බවත් ඉන් පසුව නැවත ලියාපදිංචි කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
වන විනාශය පාලනය කිරීම, යාන්ති‍්‍රක කියත් භාවිතයෙන් සිදුකරන වන ජාවාරම් නැවැත්වීම හා ගස් කැපීම නියාමනය කිරීමේ අරමුණින් යාන්ති‍්‍රක කියත් ලියාපදිංචි කිරීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කර ඇත.
යාන්ති‍්‍රක කියන් ලියා පදිංචියෙන් පසු හදුනා ගැනීම සදහා විශේෂ බලපත‍්‍රයක් හා අංක තහඩුවක් නිකුත් කර ඇති අතර මේ සදහා අවශ්‍ය උපදෙස් දිවයිනේ සියලූ පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.ෙ
COMMENTS
මොකද ආණ්ඩුවේ කාගේ හරි නෑදෑයෙක්, රටින් ගෙන්නන ලී ලෝඩ් එක එන්න ප්‍රමාද වෙනවද?
අලුත් කියත් වලට මාකට් එකක් නැහැ. ජපානෙන් පාවිච්චි කරපු කියත් තොග ගණන් ගෙනත් විකුණන නිසා. කවුද අලුත් කියත්වලට ඒජන්සිය ගන්න යන්නේ. මිනිහ නේද කිව්වේ පරණ කියත් වලට වැට බඳිමු කියලා. යන විදියට අවජාතක දරුවෝ උපදිනවා කියල අංගෝපාංග වලටත් නොම්මර තහඩු ගහයි මේ හරක්....
අනාගත පරපුරට ශ්‍රී ලංකාව කාන්තාරයක් නොවීමට මෙම කියත් සපුරා තහනම් කරන්න.