
ලොවපුරා යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට කොරෝනා එන්නත ලබාදීම සඳහා තාවකාලික සටන් විරාමයක් අරඹන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් මහතා අදාල රටවලින් ඉල්ලා තිබේ.
විදේශ ලේකම්වරයා අවධාරණය කරන්නේ, එන්නත් කිරීම සිදු නොකරන ප්‍රදේශ වල කොවිඩ් - 19 නව ප්‍රබේද ව්‍යාප්ත වීමේ අවදානමක් ද ඇති බවයි.
එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී රාබ් මහතා මේ බව පවසා ඇත.
මෙම සටන් විරාම යෝජනාවට එකඟ වන ලෙසත් වඩාත් අවදානම් කණ්ඩායම් වලට එන්නත් ලැබීම සහකිත කිරීමට සහාය වන ලෙසත් රාබ් මහතා සාමාජික රටවලින් ඉල්ලා තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය පෙන්වා දෙන්නේ, යේමනය, සුඩානය, සෝමාලියාව සහ ඉතියෝපියාව ඇතුළු යුධ ගැටුම් පවතින රටවල් ගනනාවක මිලියන 160කට අධික ජනතාවක් එන්නත් වලින් බැහැර වීමේ අවදානමක් පවතින බවයි.
"කොරෝනා වයිරසය පරාජය කිරීම සඳහා ගෝලීය එන්නත් ආවරණයක් අත්‍යාවශ්‍ය වේ. කොවිඩ් - 19 එන්නත ගැටුම් පවතින කළාප වල ජනතාව වෙත ලඟාවීමට ඉඩ සලසන එන්නත් සටන් විරාමයක් එක්සත් රාජධානිය ඉල්ලා සිටින්නේ ඒ නිසාය. අපට එලෙස කිරීමට සදාචාරාත්මක යුතුකමක් තිබේ. මෙම වයිරසය පරාජය කිරීමට එකමුතු වීමේ උපායමාර්ගික අවශ්‍යතාවයක් ඇත." යනුවෙන් රාබ් මහතා පවසයි.
(ඩේලි මේල් ඇසුරිණි)
085
2025 දෙසැම්බර් මස 18
247
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට එන්නත දෙන්න සටන් විරාමයක් ඉල්ලයි
JANABALA ASAMAGI Wednesday, 17 February 2021 01:02 PM
අවශ්‍ය නැහැ.. මේ අය බෙහෙත් විදගෙන මරාගන්න හදන්නේ... ඕනෙම නැහැ.