IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


යුග දනවි බලාගාර ගිවිසුම ගැන විදුලිබල ඇමැතිගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යුග දනවි බලාගාර ගිවිසුම අනුව, කිසිදු සමාගමකට එල්.එන්.ජී සැපයීම  සඳහා කිසිදු ඒකාධිකාරියක් හිමි නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.

අදාළ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ වසර පහක කාලයක් සඳහා පමණක් බවත් මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සහ ඛනිජ තෙල් පර්යේෂණ සඳහා අධිකාරී බලයද  එම  සමාගමට හිමි නොවන  බවත්  හෙතෙම සඳහන් කළේය.

මෙසේ පැවසූයේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මොහොමඩ්  මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජයේ සම්පත් කිසිදු විදේශයකට හෝ විදේශීය සමාගම්වලට   විකිණීමට රජය සූදානම් නැති බව පැවසූ ලොකුගේ මහතා ගිවිසුමේ පිටපතක් ලබන සතියේ ලබාදිය හැකි බවද ප්‍රකාශ කළේය.

කැලණිතිස්ස බලාගාරය  සම්පූර්ණයෙන්ම  පවත්වාගෙන ගියේ ඇමරිකා සමාගමක් බවත් ඒ අවස්ථාවේදී  කිසිවකුත් ඒ ගැන කතා නොකළ බවත් ඔහු පැවසුවේය.

එය ජපන් සමාගමකට ලබා දුන්නේ ඊයේ පෙරේදා බවත් ඇමැතිවරයා කීවේය.



අදහස් (4)

යුග දනවි බලාගාර ගිවිසුම ගැන විදුලිබල ඇමැතිගෙන් ප්‍රකාශයක්

Hafeel Wednesday, 10 November 2021 02:35 PM

රජයේ සම්පත් කිසිඳු විදේශයකට හෝ විදේශීය සමාගම්වලට විකිණීමට රජය සූදානම් නැති කියලත් මෙයා කියමින්, අවසානයේ කියනවා කැලණිතිස්ස බලාගාරය ජපන් සමාගමකට ලබා දුන්නේ ඊයේ, පෙරේදා කියලත් කියනවා...

:       0       4

Hafeel Wednesday, 10 November 2021 02:41 PM

රජයේ සම්පත් විදේශ සමාගම්වලට විකිණීම අදහස් නැත් නම්, කොහොමද කොළඹ වරායේ නැගනහිර පර්ජන්තය ඉන්දියාවට විකුනන්න ගියේ? ඇයි එහමනම් ආණ්ඩු පාර්ශවයේ විමල් වීරවංසලාගේ කල්ලිය මේ යුගදනව් බලාගාර විකිණීමට එරහිව සටන් කරන්නේ?

:       0       3

ravin Wednesday, 10 November 2021 03:15 PM

සියලු දෙනා රැවටීම හැමදාම කරන්න බැරි විත්තිය හොඳින් මතකයේ තියාගෙන ඉදිරි වැඩ කටයුතු කලොත් සැමටම සෙත සැලසේවි

:       0       3

ජන හඩ Wednesday, 10 November 2021 07:42 PM

හැමදාම ඇත්ත කිව්ව අයනේ... කෝ දැන් අර මහ බැංකු හොරු? දැනට කර ඇත්තේ පොරොන්දුවලට හාත්පසින් විරුද්ධ දේ නොවේද? ඡන්දෙ දුන් අය හොයාගන්නත් නෑ දැන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 240 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site