(අංජුල මහික වීරරත්න)
ගමෙි මරණාධාර සමිතිය පවා විපතකදී වත්මන් ආණ්ඩුවට වඩා වගකීම් සහගත අයුරින් ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ආණ්ඩුව දැන්වත් දේශපාලන උද්දච්ච කමින් මිදී සෞඛ්‍ය උපදෙස් සහ පළපුරුදු දේශපාලන නායකයන්ගේ උපදෙස් අනුව තීරණ ගතයුතු බවද විජයවර්ධන මහතා කියයි.
රට මුහුණපා ඇති වත්මන් අර්බුද පිළිබඳව අදහස් දක්වමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ රුවන් විජයවර්ධන මහතා "වෛරස වෙිදය පිළිබඳ හොඳම විශේෂඥයෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙිත් සිටිනවා. ඒ මහාචාර්ය තිස්ස විතාරණ මහතායි. නමුත් ආණ්ඩුව එම විශේෂඥයන්ගේ උපදෙස් කණකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ.ආණ්ඩුවට කොරෝනා වසංගතය පාලනය කර ගන්නට නොහැකි වී ඇත්තේ විශේෂඥ උපදෙස් පසෙකට දමා කොරෝනා වසංගතයෙනුත් දේශපාලනය කරන්නට තැත් කිරීම නිසයි.
වසංගතයක් යනු දේශපාලන තීරණ ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් නොවේ.වසංගතයක් මැඩලීමට නම් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් බව බාලාංශයේ දරුවෙක්ට වුණත් තේරෙන කාරණයක්. ආණ්ඩුව දැන් බල්ලගේ වැඩේ බූරුවා කරන්නා වගේ කොරෝනා මර්දනයටත් දේශපාලනය ඈඳාගෙන තිබෙනවා"යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘මේ ආණ්ඩුව විශේෂඥයන්ගේ උපදෙස් කණකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ‘‘
Sara Tuesday, 01 June 2021 02:47 AM
ඔබතුමා හොඳටම කළා මතකයි අපිට...
Ravindra Tuesday, 01 June 2021 02:56 AM
ඔව් සර්... ඔයා ශ්‍රී ලංකාවේද?
chandima Tuesday, 01 June 2021 03:26 AM
විශේෂඥ කිව්වේ රනිල්ට වෙන්න ඇති. පසුගිය දවසක වජිර අබේවර්ධන මහත්තයා කියලා තිබුණේ මේවගේ වෙලාවක රට කරවන දැනුම තියෙන්නේ එතුමාට කියලා.. ඒත් ඒ තරම් දැනුම් සම්භාරයක් ඇති එතුමා බලයට පත්වෙලා උන්නු කාලේ රටට කරපු දෙයක් නැහැනේ...අන්තිමේ... ඒත් ළඟදී එතුමා ආයෙත් පාර්ලිමේන්තු එනවා කියලා තිබුණා.. අර පින් මන්ත්‍රීකමට පත්වෙලා.. සමහර විට විශේෂඥ දැනුම දෙන්න වෙන්න ඇති..
SL Tuesday, 01 June 2021 03:52 AM
අනේ ලොක්කා, පැත්තකට වෙලා ඉන්නවද? කරපු මගුලකුත් නැහැ... බුද්ධි තොරතුරු 300 ගානක් ඇවිත් බෝම්බ ගහනකල් බකන් නිලාගෙන ඉඳලා දැන් එනවා.
වීරවිජේ Tuesday, 01 June 2021 05:29 AM
බොම්බ පුපුරනකං වගකීම දැක්කා. අනේ නිකං යන්න...
kasun Tuesday, 01 June 2021 05:55 AM
අනේ මේ යන්න මහත්තයෝ... මගුලක් කියවනවා.
Rata Perata Tuesday, 01 June 2021 06:14 AM
බලයේ ඉන්න කාලේ මේ අර වගකීම් පැහැර හැරිය නිසා තමයි. ඊට වඩා සිය ගුණයකින් රට විනාශ කරන මේ අසාර්ථක ජනාධිපති හා රජය ඉන්නේ...
Keppetipola Tuesday, 01 June 2021 06:43 AM
ඒකනේ කියන්නේ විමල්, ගම්මන්පිලගෙන් අහන්න තිබුණා..
විපරමා Tuesday, 01 June 2021 06:45 AM
ඒකටනේ ඔය වියත්මග කියලා මොලකාරයින් ටිකක් පත්වෙලා ඉන්නේ...!!!
fairoos Tuesday, 01 June 2021 07:00 AM
උඩ කමෙන්ට් දාන අය තාම කියලනා සර් ට පුලුවන් කියලා
de silva Tuesday, 01 June 2021 08:22 AM
එහෙම උපදෙස් අවශ්‍ය නැහැ. දේශීය ක්‍රමයට පැණි බීලා.. මුට්ටි ගඟේ දමලා ඕක ගොඩින් බේරගන්න පුළුවන්..
Hamid Tuesday, 01 June 2021 10:05 AM
බොරදියේ මාළු බානවා...!!!
විජේ Tuesday, 01 June 2021 10:49 AM
අමතක වුණාද?, ඔයා තමයි පාස්කු ප්‍රහාරය කාලේ ආරක්ෂක ඇමැති...!!!
රමනී Tuesday, 01 June 2021 11:24 AM
සංචරණ නීති අනුව රැස්වීම් තහනම් වුණාට ඔයාලා එජාප රැස්වීම් සිරිකොත ඇතුලේ තිබ්බේ කොහොමද? විශේෂඥ උපදෙස් අනුවද? පියුමිලා විතරක් නෙවෙයි මේ අයවත් අත්අඩංගුවට ගන්න ඕනෑ.
de silva Tuesday, 01 June 2021 05:25 PM
විජේ ඔබට මතක් කරමි... පාස්කු ප්‍රහාරේ කාලේ ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන...