හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, වකුගඩු හා අනෙකුත් රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (9) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීහු ඊට අත්සන් තැබුහ.
අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
(ඡායාරූප -ජනාධිපති මාධ්‍ය අංශය)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මොළය මියගිය රෝ්ගීන්ගේ අවයව බද්ධ කිරීමට අවබෝධතා ගිවිසුමක්
chathuri Wednesday, 09 January 2019 12:08 PM
මෙවැනි දෙයක් කරපු එක හොඳයි..., පසුගිය ටිකේ... වැඩ කරපු හැටියට, මුළු රටම මළගෙයක් වගේ ඒ දවස්වල..
chandimaWednesday, 09 January 2019 05:11 PM
ඒ වුනත් චතුරි, "අවබෝධතා ගිවිසුමක්" කියලා දකිනකොට නම් ඇඟේ මාළු නටනවා. මෙයාලට බැරිවුණාද වෙනත් වචනයක් යොදන්න?
Raveendra Wednesday, 09 January 2019 12:22 PM
බොහොම හොඳ සත් ක්‍රියාවක ආරම්භයක්... මෙමගින් අවයව දන්දීම ලාංකිකයන් අතර තව තවත් ප්‍රචලිත කිරීමට හැකි වේවා...!!!
sirimal Wednesday, 09 January 2019 02:39 PM
මේ අනුව පළමුවෙන්ම කළ යුත්තේ දියවන්නාවේ ඉන්නා සියලුම දෙනාට කිසියම් අධ්‍යාපනයක් ලැබුණු අයගේ මොළ සහ පපු කැවුතු බද්ධ කිරීම අත්‍යාවශ්‍ය කරන එකයි.
sandy123Thursday, 10 January 2019 06:31 AM
සිරිමල් - මම කැමතියි ඔබේ අදහස මෙලෙස වෙනස් කරන්න. දියවන්නාවේ ඉන්නා සියලුම දෙනාට කිසියම් අධ්‍යාපනයක් ලැබුණු අයගේ මොළ, පපු කැවුතු සහ ලජ්ජා භය නහර යනුවෙන්.
Bamunuarachchi Thursday, 10 January 2019 01:29 AM
නමුත් දියවන්නාවේ 225 න් කිසිම අවයවයක් ගන්න බැහැ.
ඇත්ත සත්‍යපාල Thursday, 10 January 2019 06:40 AM
බලධාරීන් විසින් අවයව පිටරටට දන් දෙන මුවාවෙන් බිලියන ගණන් වලට ඒවා විකුණන ජාවාරමක් කරන්නට ඇති සියලුම මාර්ග වසා දැමිය යුතුය. ලේ බැංකුවේ ලේ ටික පුද්ගලික රෝහල් වලට විකුණා මිලියන ගණන් සෙවූ රටක දන් දෙන අවයව පිටරැටියන්ට බද්ද කර බිලියන ගණන් සෙවිය හැකි බව දනිමු.
vidya Thursday, 10 January 2019 07:06 AM
වැඩේ නම් හරිම හොඳයි. මොලේ අමාරු තියන අයට මොකක්ද බද්ද කරන්නේ?