(වන්නි රොමේෂ් මධුෂංඛ)
ලබන සඳුදා දිනට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් 05 (අඟහරුවාදා) දිනයේදී උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (02) දින නිවේදනය කර සිටියේය.
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් ආචාර්ය රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුලු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ සියලුම පාසල් වෙතට අගහරුවාදා දිනයේ නිවාඩු ලබා දෙන බැවින් උතුරේ උපකාරක පංති පවත්වන සියලුම ගුරුවර ගුරුවරියන්ගෙන්ද උතුරු ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා ඉල්ලීමක් කොට ඇත්තේ පාසල් නිවාඩු බැවින් එදිනට උපකාරක පන්තිද නොපවත්වන ලෙසටයි.
දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන මහා ශිවරාත්‍රී දිනය සැමරීමේදී පසු දිනයේදීද ශිවරාත්‍රිය සැමරෙන බැවින් 05 වැනිදාද නිවාඩු දිනයක් ලෙසට නම්කර ඇති අතර නිවාඩු දෙන අගහරුවාද දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පළාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී ඇත.
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ සියලුම පාසල් 05 වැනිදා වසාදමයි
Bamunuarachchi Sunday, 03 March 2019 10:13 AM
හැමදාකම වහලා දාලා තියන්නකෝ... අපිට අමාරුද බලන්න...
Aris Sunday, 03 March 2019 10:36 AM
ෆෙඩරල් වලට යන්නත් කලින් පෙරහුරුවක් වගෙයි. නැත්නම් රජයේ නිවාඩු දින පමණයි පාසල් වැසිය හැක්කේ...