(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රදේශ රැසක මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇතැයිද නිවසක් මතට පස් කන්දක් කඩා වැටි එම නිවස පූර්ණ හානියට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසිය.
උඩුගම නෙළුව මාර්ගයේ ඇල්ල වංගුව අසල මහා මාර්ගයට අද (07) දහවල් ගසක් කඩාවැටිම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි. පසුව ආපදා කළමනාකරණ ඒකකය ,පොලිසිය සහ ප්‍රදේශවාසිහු එක්ව ගස ඉවත් කිරිමට පියවර ගත්හ.
හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඳුගොඩ ග්‍රාම නිලධාරි වසමේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවස පුර්ණ හානියට පත්ව ඇත.
නිවැසියන් දිවි බේරාගෙන ඇති අතර නිවසේ දේපලවලට අලාබ හානිවි ඇත.
ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.ශර්ෆාස් මහතා පැවසුවේ ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසිමටත් අවදානම් ස්ථානවල පදිංචිව සිටින පවුල් ඉවත් කිරිමටත් පියවර ගෙන ඇති බවය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මහ වැස්සෙන් හබරාදූවේ නිවෙසකට පස් කන්දක් කඩා වැටිලා