IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මහ වැස්සෙන් මහනුවර දිස්ත්‍රික්කයේ 866ක් පීඩාවට

(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයට ඇති වූ අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන්   ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක පවුල් 225 කට අයත් පුද්ගලයින් 866 දෙනෙකු ආපදාවට පත්ව ඇති බවත් පුද්ගලයින් 166 දෙනෙකු අවතැන් වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  අද (11) වැනිදා නිකුත් කළ වාර්තාවට අනුව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 92 කට අයත් පුද්ගලයින් 346 දෙනෙකුද, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 77 කට අයත් පුද්ගලයින් 291 දෙනෙකුද, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 22 කට අයත් පුද්ගලයින් 195  දෙනෙකුද, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 13 දෙනෙකුද, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 17 කට අයත් පුද්ගලයින් 55 දෙනෙකුද,  කුණුඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දෙකකට අයත් පුද්ගලයින් දස දෙනෙකුද,ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් පහකට අයත් පුද්ගලයින් 19 දෙනෙකුද, උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  එක් පවුලකට අයත් පුද්ගලයින් හතර දෙනෙකුද, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ පවුල් හයකට අයත් පුද්ගලයින් 23 දෙනෙකුද  ආපදාවට පත්ව ඇති බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.

නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති අතර  තවත් නිවාස 200 කට අර්ධ හානි සිදුව තිබේ. පවුල්  38 කට අයත් පුද්ගලයින් 166 දෙනෙකු අවතැන්ව සිය  ඥාති නිවෙස්වල පදිංචිව සිටින බවත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.

 



අදහස් (0)

මහ වැස්සෙන් මහනුවර දිස්ත්‍රික්කයේ 866ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site