(රේඛා තරංගනී ෆොන්සේකා)
මහව සිට කොටුව දක්වා උදෑසන හතරයි හතලිස්පහට ගමන් ඇරඹු මහව කාර්යාල දුම්රිය බුද්ගමුවේදී ගිනි ගැනීමකට ලක් වු බව දුම්රිය ප්‍රකාශකයෙකු පැවසීය.
ගිනි ගැනීමේදී ජීවිත හානි කිසිවක් වාර්තා නොවු අතර මේ පිළිබඳව දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ පැය භාගයක් ඇතුළත ඇති වු තත්ත්වය සාමාන්‍ය අතට හැරවු බවයි.
දුම්රිය ධාවනය මෝටර් හතරක ආධාරයෙන් සිදුවන බව පෙන්වා දෙන ඒ මහතා ගිනි ගැනීම සිදුව ඇත්තේ එක් මෝටරයක විදුලි වයරයේ බව පැවසීය.
එම මෝටරයෙන් දුම්රිය එන්ජිමට සපයවන බලය අක්‍රීය කර මෝටර් තුනෙන් දුම්රිය ධාවනය කළ හැකි බව සඳහන් කළ ඒ මහතා මේ වනවිට කාර්මික දෝෂය නිසා ඇති වු ගින්න පාලනනය කර ගනිමින් දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළඟා වෙමින් තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහව කාර්යාල දුම්රියේ ගින්නක්