IMG-LOGO

මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලට කෝටි 4800 ක පාඩුවක්

(තිළිණි ද සිල්වා)

මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව පැවති මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය 2015 වසරේදී දින 100 ආණ්ඩුව යටතේ වෙනත් අධිකාරියකට නීතිවිරෝධී ලෙස පැවරීමෙන් එම අරමුදලට රුපියල් කෝටි 4800ක් පමණ පාඩුවක් සිදුව ඇති බව හිටපු උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිසමෙ හමුවේ සාක්කි ලබා දෙමින් අද (02) පැවසීය.

විශාලතම රාජ්‍ය සම්පත් මංකොල්ලකෑමක් වන එම ගනුදෙනුව සහ පාඩුව සිදු කළ වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි තමන් මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමෙන් ඉල්ලා සිටින බව හිටපු උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එම කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසීය.

එලෙස නීතිවිරෝධී ආකාරයට පවරා තිබූ  එම තොරතුරු තාක්ෂණ ආයතනය යළිත් මහපොළ භාරකාර අරමුදල යටතට පවරා ගැනීමට තමන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී උත්සාහ කළඳ ඊට රජයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකුගේ විරෝධය මත එම උත්සාහය ව්‍යවර්ථ වූයේ යැයිද රාජපක්ෂ මහතා කොමිසම හමුවේ කීය.

මහපොළඋසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීම සඳහා හිටපු උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා වත්මන් රාජ්‍ය සමයේ රජයේ ආයතන වල සිදුවු වංචා සහ දුෂණ සිද්ධීන් සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට අද (02) කැඳවූ අතර එහිදී සිය පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව කීය.

විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු 2015 ජනවාරී මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා වු කාලය තුළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශ්‍යයෙන් විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ, විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. කුමාරසිරි සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති ඩබ්ලිව්. ධර්මරත්න යන මහත්ම මහත්මීන් ප‍්‍රධානත්වයෙන් රැස් වුණි.



අදහස් (1)

මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලට කෝටි 4800 ක පාඩුවක්

Bamunuarachchi Saturday, 04 May 2019 04:14 AM

2015 පැමිණි දා සිට මොවුන් කරලා තිබෙන්නේ බිලියන ගණන්වල හොරකම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 582 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site