(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ 12වැනි ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා අද(24)වැනි දින අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි සියධුරයේ වැඩ භාරගන්නා ලදි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙවර මහාමැතිවරණයට ඉදිරිපත් විමට ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවු පුරප්පාඩුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඹරගමුව හිටපු මහාඇමති මහීපාල හේරත් මහතා පත් කර තිබිණි.
මෙම අවස්ථාවට වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, උතුරු මැද හිටපු පධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකොන්, උතුරුමැද පධානලේකම් එච්.එම්.පී.බණ්ඩාර,ආණ්ඩුකාර ලේකම් ඒ.එන්.කේ.වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මහීපාල හේරත් වැඩ බාරගනී
de silva Tuesday, 24 March 2020 06:34 AM
ළඟදීම අතකොටාලගේ කල්ලියත් වැඩ පටන් ගනීවි
KoralageTuesday, 24 March 2020 07:21 AM
සහතික ඇත්ත...මෙතන අර පස් සහ වැලි හොරෙන් කපන කෙනත් ඉන්නවා. මේ රටට කොහොම කලක් යයිද?
Raveendra Tuesday, 24 March 2020 07:07 AM
මෙම ඡායාරූප දැකීමෙන් අපහට මහත් සංවේගයක් දැෙන්..." දේශපාලුවන් යනු මිනිස් ආත්ම ලබපු නියම අම්බරුවන් " යන්න නැවතත් මෙම ඡායාරූප සියලුම ඡන්ද දායකයන්ට මනාවට ඔප්පු කර ඇත. අවසරයි අපේ හාමුදුරුවනේ මෙවන් අවස්තාවක සෑම පුරවැසියකුගේම ආරක්ෂාව වැදගත් යන්න කිසිදු අධ්‍යපනයක් නොලද නුගත් ගිහියන් වන අපට තේරුම් ගියත් ඔබවහන්සේලාට එහි භයානකකම නොතේරීම ඉතාමත් අවාසනාවකි. දේශපාලුවන් යනු ( සියලුම පක්ෂවල ) ගවයින් බැවින් එම තිරිසනුන් ගැන කතාකිරීමෙන් පලක් නොමැති බැවින් අඩුවශයෙන් එයවත් ඔබවහන්සේලාට නොතෙරුනේ කිනම් හේතුවක් උදෙසාද යන්න නුගත් අපට ගැටලුවකි.
Mahesh Tuesday, 24 March 2020 07:15 AM
රටේ විශාල වසන්ගතයක් මෙයාලා මෙහේ පිස්සු කෙලිනවා..
Lion Tuesday, 24 March 2020 08:14 AM
මෙ අය නම් හරි ජොලි... එකක් හැලෙනකොට තව එකක්... අනේ අපේ රටට ගිය කල...
Buddika Tuesday, 24 March 2020 08:17 AM
මරු පත්කිරීමක්. වියත් මග ඉන්න වියතෙක් වෙන්න ඇති. මිනිස්සු දන්නවා මෙයා ගැන.
Ranjan Tuesday, 24 March 2020 08:19 AM
දැන් අපට පුළුවන් කොරෝන පාලනය කරන්න.
සෙනෙවිරත්න Tuesday, 24 March 2020 08:32 AM
රටේ ඉන්නේ මොවුන් පමණක්ද? මෙම තනතුරු දැරිය හැක්කේ මෙම 60 පැනපු අයට පමණද?
ධම්ම Tuesday, 24 March 2020 09:16 AM
ඒ කියන්නේ ඕනෑ ගොනෙකුට ආණ්ඩුකාරකම් කරන්න පුළුවන් කියන එකද?