(අජන්ත කුමාර අගලකඩ)
මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 518 ක් දක්වා ඉහල ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.
මිහින් ලංකා ගුවන් සමාගම ලංකා බැංකුවට රුපියල් කෝටි 257ක පමණ මුදලක් ද මහජන බැංකුවට රුපියල් කෝටි 257ක් පමණ මුදලක්ද මෙසේ ණය වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ගුවන් සමාගම ලංකා බැංකුවෙන් අවස්ථා දෙකකදී ඩොලර් මිලියන 2.5 බැගින් ඩොලර් මිලියන 5ක් ද ද රුපියල් මිලියන 1650ක් ද ලබා ගෙන ඇති අතර මහජන බැංකුවෙන්ද ඒ හා සමාන අන්දමින් ණය ලබාගෙන ඇත.
මෙම ණය ලබා ලබාගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කර ඇති සහන ලිපි වල කාලය ඉකුත් 2018 වසරේ දෙසැම්බර් මස 10 වනදා අවසන් වී ඇති බැවින් එම ණය ගෙවන ලෙස රාජ්‍ය බැංකු දෙක ගුවන් සමාගමට දැනුම් දී ඇත.
එහෙත් එම ලිපිවල සහන කාලය ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝකරන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක්ද කර ඇතැයි වාර්තා වේ.
මිහින් ලංකා ගුවන් සමාගම ඈවර කිරීමට 2017 වසරේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතත් එම ඈවර කටයුතු මෙතෙක් අවසන් කිරීමටද නොහැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට පාස් නැති මස්සිනාලා, ගෝලබාලයින් සභාපති පුටුවේ වාඩි කළා නම්, ඕක තමයි වෙන්නේ....
ඉපැයූ මුදල් වලට මොකද වුනේ..? වෙච්ච දෙයකුත් ඇතිනේ... බැංකු දෙක බංකොලොත් නොකොට ඉක්මණින් මේ ණය පියවා දමන්න.. පොඩි මිනිහෙක් ගත්ත සුළු මුදලකට ඉක්මන් පියවර ගන්නා බැංකු මේවා ඉක්මණින් අයකර නොගන්නේ මන්ද? උස් තැන් දැක හැකිලෙන්නේ ... මිටි තැන් දැක පුප්පන්නේ... කව්ද කියලා අමුතුවෙන් පහදාදෙන්න අවශ්‍ය නැහැනේ. නේද?..
ජාතික අභිමානය කිහිල්ලේ ගහගෙන, පාලකයින්ගේ සාක්කු පුරෝපු පිනට, කඹුරපල්ලා ජීවිතය තියන තාක්කල්? ඒ වුණාට ඉතින්, ජාතික ආරක්ෂාව ගැන කයිවාරු ගහමින්, බුදු දහමට ප්‍රමුඛත්වය දෙනවා කියා, ඉතිහාසය කලු මරමින්.., අපිව කුල්මත් කරනවා නම්, ඔය පාඩුව අපේ අතින් ගෙවන එක මහා කජ්ජක්ද දේශප්‍රේමී මේ අපට...?
පවුල් සමාගමේ හතර වරිගෙම අය බුරුතු පිටින් පිනට සවාරි ගහපු හැටිත් රටම නොදන්නවා නෙවෙයි...
ප්‍රශ්නයක් නැහැ, 69 ලක්ෂයක ජනතාව ඔය ණය ටික පට් පට් ගාලා ගෙවලා දමාවි..
අපේ වගේ කුඩා රටකට, ගුවන් සමාගම් දෙකක් ඕනෑද කියා නොහිතපු නිසා මිහින් ලංකා එකක් හදාගත්තා. ගුවන් යානයකට කවදාවත්ම අඩියක් නොතබපු අය ලොක්කන් හැටියට දමලා ණයබරින් මිරිකෙන තැනටම අරන් ආවා. ඊට පස්සේ ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරන්, පස්සේ ලාභ ලබමින් සිටි ශ්‍රී ලංකන් එකේ ලාභයත් ඒකට දමා ඒකත් බංකොළොත් කළා.
තමන්ගේ නම දැම්මේ මේ ගුවන්සේවයට... තමුන්ගේ වුවමනාවට පටන් අරන් තමුන්ගේම අයවලුන් දැම්මා පාලනය කරන්න. අද සුදු ඇඳගෙන දූසණයට, වංචාවට එරෙහිව කතාකරන්න ඒ මිනිස්සු තමයි ලංකාවේ ඉතිහාසගත හොරකම් කළේ පරම්පරාවම එකතුවෙලා...
අපි ගෙවන්නම් බය වෙන්න එපා....
මේ ණය කවමදාවත් ගෙවන්න බැහැ, ගෙවන්නෙත් නැහැ. නමුත් ලංකාවේ වැඩි දෙනාට ඕනෑ මේක නම් මොනවා කරන්නද?
එන්න අපි රෙදි ගලෝගෙන ගිහින් චන්දේ දෙමු.
ස්මාර්ට් දුරකතනයේ තිරය මත එක දිගටම එකම තැනට කෙටීම, එහි පැවත්මට ඉතා තදින් බලපායි. ඒ ගැනත් සිතන්න.
කාටද කොමිස් කුට්ටිය?
මම දේශපාලකයින්ට කඩේ නොයමි. එහෙත් මිහින්ලංකා ගුවන් සේවය විශේෂයෙන් මැදපෙරදිග අපට මහඟු සේවක් කළ බව නොරහසකි. ආහාර ඇතුළුව එකම බජට් ගුවන් සේවය තමයි මිහින්ලංකා. කුවේට් සිටින බංගලිදේශ, ඉන්දියන් හා නේපාල ජාතිකයන් අතර මිහින්ලංකා ඉතා ජනප්‍රියත්වයට පත්විය. මන්ද ඉතා අඩු මුදලකට ගුවන් ප්‍රවේශපත්‍රයත් කොළඹ තීරුබදු සාප්පුවලින් බඩුබාහිරාදිය මිළදී ගැනීමට පිළිවන් වීමත් නිසා... යහපාලනය සමයේ ඉතා අවාසනාවන්ත ලෙස මෙම ආයතනය වසා දැමීම ඉතා කණගාටුදායකයි.
ඈවර කරන්න කලියෙන්.., මිහින් ලංකා සමාගමට ලැබිය යුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එවකට සේවා සපයන්නා සතුව ඇති කෝටි ගණනක් වූ මුදල් සහ UAE උප ඒජන්තවරුන් හට පියවිය යුතු බැඳුම්කර මුදල්..., එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ගෝ ක්ෂේත්‍රයේ දැවැන්තයා, වැලිමඩ ග්‍රාමයෙන් ලොවට බිහි වූ එම සහෝදර සමාගමෙ සතුව මිහින් ලංකා රහස් අදටත් දන්නෝ දනිති. රෝයල් පාර්ක් ජීවිතවලට නීතිය නැවිය හැකි දෝයි සිතේ....
මේ කෙරුවාවලින් සොච්චමක් පමණයි. ආයෙත් රට කන්න වරම් ඉල්ලනවා.
අපි අද කරවටක් ණයබරින් ගිලුණු රටක් බවට පත්කළේම මේ වගේ විනාශකාරී වැඩ නිසා මේවා දැනදැන කරපු සහගහන අපරාධ ලෝකයේ සතර දිග්භාගයේ ජනතාව ගිහින් බැල මෙහෙවර කරලා එවන තුට්ටුදෙක කිසිම හිරිකිතයක් නැතුව තම සාක්කුවල දාගන්න කරපු හොරකම් රට ගැන අබමල් රේණුවක තරම්වත් හැඟීමක් තිබෙන පාලකයෙකුට මේවගේ විනාශයන් කරන්න පුළුවන්ද..?
මුලින්ම එයාර් ලංකා දිව්වේ පාඩුවට. ඊට පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය. එමිරේට්ස් කරන කාලයේ ඔවුන් ලාභ ඉපැයූවා. එච්චරයි... අපිට ජාතික ගුවන් සේවයකින් ලාභ ඉපැයීමට නොහැකි වූයේ, සියලුම රජයන් තම ආධාර කරුවන්ට අසීමිතව රැකියා ලබාදීම නිසයි. රූපවාහිනියටත්, වරායටත් සිදුවූයේ එම දෙයමයි. මිහින් එයාර් බජට් ගුවන් සේවයක් නිසා දියුණු වෙන්න ඉඩ තිබුණා. ඒත් දැන් ඒකත් නැහැ...
අතුල, ඔයාගේ කතාව සත්‍යයි. මොකද මේ පවුල් පාලනයකින් රටක් කළොත් බුරුතු පිටින් රටේ පාලනයට ඇවිල්ලා... රට අයිති කරගෙන මහජන මුදල් කෝටි ගණන් ගසාකනවා. මේ දියුණු ලෝකේ කොහෙද තියෙන්නේ මෙහෙම පවුල් පාලනයක්? අපි එකපාරක් වැරැද්දක් කරලා ඇයි අපි ඒ වැරැද්ද තවපාරක් කරන්නේ? ඡන්දෙ දෙනකොට දෙපාරක් හිතලා ඡන්දෙ දෙන්න...
මහත්තයා මේ අහන්න දිනකට මැදපෙරදිගින් ගත්තොත් මොනතරම් මගීන් ප්‍රමාණයක් දිනකට දෙපැත්තට ගමන් කරනවාද? මේ සෑම මගියෙක්ම ගමන් ගන්නේ අපේ ජාතික ගුවන් සේවය විතරද? කුවෙයිට් වලින් විතරක් එක් ගමන්වාරයයි.. ශ්‍රී ලන්කන් කරන්නේ ඉතිරිය විදේශික ගුවන්සේවා වලින් තමයි කෙරෙන්නේ... එතකොට අපේ ජාතික අභිමානය ගැන හිතලා කොපමන මුදලක් කටාර් එයාර් වේස්, එමිරේට්ස්, කුවේට් එයාර්වේස්, ඕමාන් එයාර්, ගල්ෆ් එයාර්, සෞදි එයාර්, ෆ්ලයි ඩුබායි, ජසීරා, ඇරේබියා වගේ ආතනන වලට පූජා කරනවාද? මේ මුදල් බොහොම මහන්සි වෙලා උපයන මුදල්. ඒ ගැනත් ටිකක් හිතන්න. විදෙස්වල ඉන්න ලාංකිකයන් ගැන බැලුවොත් ගුවන් සේවා තව 10ක්වත් අවශ්‍යයි. බලන්න ඉන්දියානුවන් 90% ගමන් කරන්නේ ඔවුන්ට අයත් ගුවන් සේවාවලින්...
බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කලේ තම තමන්ගේ දේශපාලන න්‍යායයන් උඩ මිසක රට ජාතියේ උන්නතිය ගැන සිතා නොවේ. ඒ නිසාම තවත් වසර සියයක් ගියද අප රටට සිදුවෙන්නේ දියුණුවට වඩා පරිහානියකි. රට යම්කිසි හොඳ මාවතකට හැරුණද සමහරක් එයට ගරහති. ඇහැට පෙනෙන හොඳ දේද ගරහති. මන්ද දැනට රට පාලනය කරන්නේ තමන් කැමතිම පාලකයින් නොවන නිසායි. ගලක් ඇති වරාය විකුණා දමනවිට හුරේ දැමූ පාක්ෂිකයන් ඒ වරායෙන්ම චීන්නු ලාභ ලබනවිට ගලේ පැහැරූ බලලුන් මෙන් නිශ්ශබ්දව සිටියි. මහබැංකුවට සුද්ධ කෙරූ අය නම් වෙනස් කරනවිට නිශ්ශබ්දව සිටියි. යහපාලනය සමයේ ගත් විදේශ ණය පිළිබඳව මීක් නැත. අවශ්‍ය නම් මට දොස් කියන්න තිත්ත වුණත් ඇත්ත ඒකයි...
අපේ රටේ මිනිස්සුට මුල අමතක වීම කියන එක නිසා තමයි මේ රටට හෙණ ගහලා තියෙන්නේ... හොඳ වෙලාවට මේ රටේ පසේ මොනවා හරි වැවෙනවා...මේ රට අරාබිය වගේ වුනා නම්.. කතා කරලා වැඩක් නැහැ.. මිහින් ලංකා ගුවන් සමාගමෙන් මේ තරම් අලාභ වුනේ රටට විශාල ලාභයක් කරන්න ගිහින්.. ඒ යුද සමයේ හමුදාවන් සඳහා ආයුධ ප්‍රවාහනය කිරීම මගින්.. මා මෙය සඳහන් කරන්නෙත් එකල ජනාධිපතිතුමාත් මේ බව ප්‍රසිද්ධියේ විස්තර කළ නිසා... චීනයේ සිට හා රුසියාවේ සිට ඉක්මණින් ආයුධ ප්‍රවාහනය කිරීමට සුදුසු ගුවන් යානයක් ලංකාවට තිබුනේ නෑ... වෙනත් රටවලුත් එයට කැමති වුනේ නෑ.. ඊට සුදුසුම ක්‍රමය වුනේ මිහින් ලංකා ගුවන් යානයයි.. ඉතුරු ටික කියන්න ඕන නෑ මගෙ හිතේ...
ඔන්න අප්පච්චි සහ නඩේ වැඩ.