IMG-LOGO

මහනුවර සිට ඇල්ල දක්වා නව සංචාරක දුම්රියක්

(යොහාන් භාසුර)

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් මහනුවර සිට ඇල්ල දක්වා නව දුම්රියක් අද (5) සිට ධාවන කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00 පිටත්ව දෙමෝදර දුම්රිය ස්ථානයට පස්වරු 2.20 ට ළගා වන බවත් එම දුම්රිය නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට ගමන් අරඹා රාත්‍රී 9.35 ට මහනුවරට ළගා වන බවත් එම ගමන අතරතුරදී දුම්රිය දියඇලි, කඳුපන්ති ඇතුළු අලංකාර ස්ථාන රැසක දුම්රිය විනාඩි කීපයක් නවතා තබන බවත් සෙනෙවිරත්න මහතා කීය. 



අදහස් (5)

මහනුවර සිට ඇල්ල දක්වා නව සංචාරක දුම්රියක්

Prabha Saturday, 05 March 2022 02:24 AM

ඔක්කොටම කළින් රාජකාරියට යන සේවකයන්ගේ දුම්රිය වෙලාවට යවලා එමුද?

:       2       9

සමන්ත Saturday, 05 March 2022 09:52 AM

ඒක නම් හොඳ අදහසක්... නමුත් ආපසු පැමිණෙන විට රාත්‍රිය නිසා එයින් ප්‍රයෝජනයක් ගන්න බැරිවෙයි. පෙර ධාවනය වූ EXPO දුම්රියේ මෙන් මැදිරි සකස් කර සංචාරකයින්ට උපරිම පහසුකම් ලැබෙන පරිදි දුම්රියක් ධාවනය කරන්නේ නම් වඩාත් හොඳයි. මෙම සේවාව බෙලිඅත්ත සිට මහනුවර හරහා බදුල්ල දක්වාත්, තවත් එවැනිම සේවාවක් බෙලිඅත්ත සිට අනුරාධපුරය, යාපනය දක්වාත් අරඔන්න.

:       1       46

Sama Saturday, 05 March 2022 11:57 AM

කොළඹ සිට නුවර එන 5.10 දුම්රිය වෙනදා 8.-8.10 වෙද්දී නුවරට එනවා... දැන් 9.00 වෙනවා. හේතුව...?

:       1       7

indika Sunday, 06 March 2022 01:53 PM

අවුරුදු ගාණක් තිස්සේ කොළඹ සිට නුවර එන ඉන්ටසිටි එක එන්නේ හවස 3.35. ඒක පේරාදෙණියට එනවා 5.50 විතර වෙනකොට. ඒ කියන්නේ පැය 2 විනාඩි 20...ක් විතර. හවස ඔෆිස් වෙලාවල්වලට නුවර ඉන්න මිනිස්සුන්ට එන්න තියෙන්නේ 4.35 නැත්තන් 5.10ට... ඒ දෙකම හරියට කළමනාකරණය කළොත් නුවර යන මිනිස්සුන්ට අඩුවෙලාවකින් යන්න පුළුවන්...

:       0       0

Ananda Sunday, 06 March 2022 05:11 PM

අඩුම තරමේ නයින් ආච් එක ගාව දෙමෝදර ගාව විනාඩි 15ක් වත් නතර කරනවා නම් වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site