IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නෑ

(හර්ෂණ තුෂාර සිල්වා)

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නැතැයි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පැවැසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි යැයි එම පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයකු වන සර් හියුගෝ ස්වයර් කරන ලද ප්‍රකාශය පිළිබඳව තමාගේ කිසිදු සතුටක් නැතැයි ද හෙතෙම කීය.

රටක තීන්දු තීරණ ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට විදේශිකයන්ට අයිතියක් නැතැයි ද  කීවේය.

තවදුරටත් අදහස් දැක්වූ නේස්බි සාමිවරයා මෙසේ ද කීය.

       “ශ්‍රී ලංකාවේ සිදු වූ කිසිවක් ව්‍යවස්ථා විරෝධි යැයි මා දකින්නේ නැහැ. එහෙත් එය අසාමාන්‍යයි. අසාමාන්‍යය දේවල් වෙනවා. එක්සත් රාජධානියෙත් එවැනි දේවල් වෙලා තියෙනවා. අප සම්පූර්ණ පාර්ලිමේන්තු කාලය අවසන් නොකරපු අවස්ථා තියෙනවා. මෙවැනි දේවල් තියෙනවා. මෙවැනි දේවල් හරි සාමාන්‍යයි. මේ දේවල් වෙනස් වෙනවා.

මේ සිදුවීම් දාමයට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන්ම ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමයි එරට විධායකය. ඔහු ඡන්දයෙන් තේරී පත්වුණු කෙනෙක්. ඔහු රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මට විශ්වාසයි. මා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හමු වී තිබෙනවා. ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්.

මම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවා නැහැ. විවිධ නීතිඥයන් විවිධ අදහස් පළ කරනවා. එය ස්වභාවික දෙයක්. රටක සිදුවීම් ව්‍යවස්ථානුකූල ද නැද්ද කියන්න අයිතියක් විදේශිකයන්ට නැහැ. හිටපු කනිෂ්ඨ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදුවීම් ව්‍යවස්ථානුකූල නැතැයි සඳහන් කරමින් ප්‍රශ්නයක් නැගුවා.

එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නීතිය නෙමෙයි. අපට අපේ ව්‍යවස්ථාවක් තිබෙනවා. මගේ පනස් වසරක සේවා කාලයේදී මම ඉතා පරෙස්සමෙන් තමයි කටයුතු කළේ. මම කිසිදු අවස්ථාවකදී එක් පාර්ශවකට සහාය දක්වා නැහැ. ව්‍යාපාර සිදු කර නැහැ. මගේ මිතුරන්ද එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් පසුගිය සතියේදී එරට පාර්ලිමේන්තුවේදී විදේශ ලේකම් (විදේශ අමාත්‍යවරයාට) ජෙරමි හන්ට්ට ප්‍රශ්නයක් යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළේය. 



අදහස් (25)

මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නෑ

tommy Tuesday, 06 November 2018 05:05 PM

මෙයා එංගලන්තේ කෙනෙක් හින්ද, මෙයා කියන දේවල් අපේ අය ඉහ මුදුනින් පිළිගනී.

:       837       1013

BamunuarachchiWednesday, 07 November 2018 01:07 AM

එහෙනම් මොකටද ඇමරිකාවයි යුරෝපා සංගමයයි කියන ඒවා පිළිගන්නේ.

:       0       0

Sapumal. Tuesday, 06 November 2018 05:35 PM

තමන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවා නැතිලු.ඒත් අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නැතිලු. මේවා මේ එක එක්කෙනාගේ උවමනාවට කියලා කරවන ප්‍රකාශ බව මෙයින්ම පෙනී යනවා. නෙස්බි මන්ත්‍රීතුමා, තමුන් ඉන්නේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ. එහි ගෞරවය නොකෙලෙසා ඉස්සෙල්ලා අදාළ දේ කියවා ඊට පසුව ඒ ගැන ප්‍රකාශ නිකුත් කරන්න ඉගෙන ගත්තොත් නේද වඩා නිවැරදි. අපේ ව්‍යවස්ථාව නොකියවූ කෙනෙකු එම ව්‍යවස්ථාව ගැන මේ කරන ප්‍රකාශය කිසිසේත්ම නිවැරදි නොවේ.

:       40905       16067

AraTuesday, 06 November 2018 08:37 PM

මට තියෙන ප්‍රශ්නේ ඔයා කලින් ඕක කියවලා තියෙනවද කියන එක. කරුණකරලා තමන් කියවලා බලන්න මොකක්ද කියලා තියෙන්නේ කියල.....

:       0       0

gunarathnaWednesday, 07 November 2018 01:00 AM

සපුමල් ඔබේ කතාව හරි. නමුත් මතක තියාගන්න හැමෝම කරන්නේ එකම දේ

:       0       0

RasiWednesday, 07 November 2018 04:03 AM

එතකොට අර කලින් එක්කෙනා හොදට කියවලද ගිය සතියේ එංගලන්ත පාර්ලිමේන්තුවේ කතා කරේ. සපුමල් එකක් තේරුම් ගන්න. මේ ලෝකේ ඔක්කොම උවමනාවකට තමයි කතා කරන්නේ.

:       0       0

Sapumal.Thursday, 08 November 2018 01:56 AM

පිළිතුරු අදහස් වලට ගරු කරමි. මා පැවසුවේ නේස්බි මන්ත්‍රීම කියා තිබෙනවා තමන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව නොකියවූ බව. ඉතින් ඔබතුමාලම සිහිනුවනින් සිතා බලන්න ඔහු නොකියවූ දේ ගැන ඔහු කරන නිර්වචනය නිවැරදි වෙන්නේ කෙසේද කියා ?

:       0       77

Perera Tuesday, 06 November 2018 06:27 PM

එංගලන්තේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ. ලංකාවේ ලිඛිත ව්‍යවස්ථාවක් තියෙනවා ඒක රාජ්‍ය නිලධාරීන්ගේ බලතල සඳහන් කොට, කල හැකි දේවල් පැහැදිලව ඇතුලත් කර. එංගලන්තේ එහෙම නැහැ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුකූලව තමයි කටයුතු සිද්ද වෙන්නේ. මෙතුමා ලංකාවේ ව්‍යවස්ථාව ගැන වැඩි අවබෝදයක් නැති බවයි හැඟෙන්නේ.

:       0       0

sirimal Tuesday, 06 November 2018 06:54 PM

නේස්බි සාමි වරයා දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේත් ඉන් පිටතත් පෙනී සිටිමින් අදහස් පලකල ලංකාවට හිතවත් නම්බුකාර මහත්මයෙක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ මන්ත්‍රී එකමුතුවේ සභාපති මෙතුමායි. නේස්බි සාමි වරයා ලංකාවේ ත්‍රස්තවාදී කලබල පැවති සම්පුර්ණ කාල සිමාව තුලත් ඉන් පසුවත් ශ්‍රී ලංකාවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ පොලිසියේත් ක්‍රියා කලාපය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් ලොව පුරා පතුරුවා හැරි සාවද්‍ය තොරතුරු නිවැරදි කිරීම උදෙසා අති විශාල වැඩ කොටසක් ඉටුකළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ නිර්ව්‍යාජ සැබෑ හිතවතෙක්. බ්‍රිතාන්‍ය තුල මෙතුමා කෙරෙහි ඇත්තේද ඉතා උසස් පිළිගැනීමක්. දැනට ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති කණගාටුදායක තත්වය පිළිබඳව මෙතුමා දැනුවත් කර ඇත්තේ දැනට ලන්ඩන් නුවර සිටින අමාත්‍ය වසන්ත සේනානායක විසිනි. කෙසේඋවත් එක පුද්ගලයෙකුගේ කටවචනය විශ්වාස කර නිවේදනයක් නිකුත් කිරීමට තරම් නේස්බි සාමි වරයා අඥාන පුද්ගලයෙක් යැයි කිසිසේත්ම විශ්වාස කල හැකි නොවේ. එතුමා ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය පිලිබඳ සෝදිසියෙන් සිටින කෙනෙක් බවට නම් සැකයක් නැත.

:       0       326

රවින් Tuesday, 06 November 2018 08:58 PM

පේනවා නේද? අපේම රටේ දේශපාලුවෝ විසින් අපේ රට තුල බුධිමත් ලෙස ක්‍රියා පටිපාටියන් අනුගමනය නොකිරීමෙන් අනිකුත් රටවල පුරවැසියන් හට අපේ රටට ඇඟිල්ල දික්කරන්න ඉඩ සලසා දෙනහැටි? පස්සේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න රට සවාරි යන්න, නීති උපදෙස් හොයන්න මහජන මුදල් කාබාසිනියා කරන හැටි. ඔන්න අපේ දේශපාලුවෝ ටික. ලෝකයේ වෙන කොයි රටේද මෙවැනි කාබාසිනියාකාර දේශපාලකයෝ ඉන්නේ?

:       0       0

Bamunuarachchi Wednesday, 07 November 2018 01:11 AM

නෙස්බි සාමිවරයා අමතන්නේ බුද්ධිමතුන් උගතුන් සිටින එංගලන්තයේ පාර්ලිමේන්තුවයි එමනිසා මෙහෙ කව්රුත් කලබල වියයුතු නැත.

:       0       0

wasantha Wednesday, 07 November 2018 01:56 AM

අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.ඔවුන් අවසාන තීරණය ගනීවි.

:       0       0

BamunuarachchiThursday, 08 November 2018 01:57 AM

කැඳවන්නේ අවසන් තීන්දුවක් ගන්න නොවෙයි. තීන්දු ගන්න කැඳවනවා කියලා කොහෙවත් නැත. නමුත් කැඳවුදාට අවස්තාව ලැබුනවිට තීන්දුව දෙන්න. අතුරු අයවැය පරාජය කරන්න එතකොට ආණ්ඩුව විසුරුවාවී ඡන්දෙකට යාවි එවිට රටේ ජනතාව නියම තීන්දුව දෙවි.

:       0       0

Amila Wednesday, 07 November 2018 03:00 AM

කියවලත් නෑ හැබැයි නිවේදන නම් නිකුත් කරනවා. දයාසිරි සහ ඊයේ ඩියු ගුණසේකර මහත්තයලා කිව්ව දේ බලන්න. ඔවුන් පැහැදිලිව කිව්වා ජනාධිපතිට අගැමතිව පත් කල හැකියි නමුත් පත්වෙන පුද්ගලයාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව තහවුරු විය යුතු බව.

:       0       0

rocky Wednesday, 07 November 2018 03:31 AM

මොහු කියනවා ව්‍යවස්ථාව කියවලා නැහැ කියලා. එහෙනම් කොහොමද මේ වැඩේ ව්‍යවස්ථා විරෝධී නැති බව දන්නේ. ඒක පුදුම කතාවක්නේ!

:       0       0

පෙරුමාල් Wednesday, 07 November 2018 03:39 AM

මාත් හිතන් හිටියේ හම සුදු අයට අපට වැඩිය මොලේ තියෙනවා කියලා.

:       0       0

BamunuarachchiThursday, 08 November 2018 01:34 AM

එහෙම තිබෙනවා කියලවත් තේරුම් ගන්න තරම් මොලයක් ඔබට නැද්ද.

:       0       0

Harshana Wednesday, 07 November 2018 03:57 AM

එක්සත් රාජධානියට උනත් අන්තිමේදී ඇත්ත තේරුනා

:       0       0

Uditha - London Wednesday, 07 November 2018 04:17 AM

සමස්තයක් විදිහට ගත්තම අපක්ෂපාති කතා බහක්.. තරමක් හොද මට්ටමක තියනවා.. නමුත් යම් යම් තැන් වල තිබෙන පරස්පර කතා කුමන නිර්ණායකයක් පදනම් කරගෙන කතා කරනවද කියන්න මට නම් තේරෙන්නේ නැහැ... ලාංකිකයෙක් විදිහට මට නම් කියන්න තියෙන්නේ තව තවත් විදේශිකයන් මේ ප්‍රශ්නෙට මැදිහත් නොකර ගෙන ඉක්මනට රට ස්ථාවරත්වයකට ගෙන්න..

:       0       0

සුරංග Wednesday, 07 November 2018 06:07 AM

නිව්ස් එක බලල තියෙන්නෙ 7800යි. ලයික් 12000යි ඩිස්ලයික් 40000යි. ඔන්න ඕකයි අද ලංකාවෙ තත්වෙත්. හැමතැනම බොරුව.

:       0       0

Rata Perata Wednesday, 07 November 2018 07:13 AM

මෙයා අයුතු සැලකිලි ලැබුවා කියල එංගලන්ත රජයෙන් දඬුවම් ලබපු කෙනෙක්.

:       333       262

Bamunuarachchi Wednesday, 07 November 2018 07:41 AM

මේ රටේ මේ අවුරුදු තුනහමාරට මෙරට අගාදයටම තල්ලුවී ගිය හැටි ඔබ දකින්න ඇතැයි සිතමි. තවදුරටත් එය බලාගෙන සිටිය නොහැකි නිසා ජනාධිපති මේ අදූරදර්ෂී අගමැති පන්නා දැමීමට කටයුතු කිරීම ඉතා කාලෝචිතය. රනිල් ඔහුගේ පාලනය අවසන් කරන්නේ රටින් කොටසක් ද්‍රවිඩයින්ට පූජා කිරීමෙන් පසුය. අපේ රටේ මිනිසුන්ට මේවා මෝල්ගහෙන් ගහලා කීවත් තේරෙන්නේ නැත.

:       648       1007

sandy123Wednesday, 07 November 2018 08:24 AM

එත් මම මේ බැලුවා ඔබතුමා කොහෙද කියලා.

:       0       0

weerakoonWednesday, 07 November 2018 02:02 PM

ඔබ වගේ ජාතිකවාදී මිනිසුන් නිසා අපි හැමෝම වසර 30ක් දුක්වින්දා, ජීවිත නැතිවුනා, රට ආපස්සට ගියා. ද්‍රවිඩයින් ද මෙරට පුරවැසියන් බව හොදින් වටහාගෙන කටයුතු කිරීම සැබැ දූරදර්ෂී දේශපාලකයෙකුගේ වගකීමකි.

:       0       12

BamunuarachchiWednesday, 07 November 2018 04:32 PM

මම ජාතිවාදියෙක් යයි කීම ගැන මම බොහෝ සතුටුවෙමි. මම කණගාටු වන්නේ දුක් වන්නේ මා ජාතිද්‍රෝහියෙක් කීවානම්ය. මම ජාතිවාදියෙක් නම් සිංහල ජාතියේ පැවැත්ම සඳහා එදා සිට අද දක්වා කතාකල, සටන්කළ, සියලුදෙනාම ජාතිවාදීන්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1990 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 627 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site