IMG-LOGO

‘මහින්ද අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවයි’

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාට පවසා ඇත.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර පැවැති දුරකතන සංවාදයකදී ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කර තිබේ. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර පැවැති සංවාදය සාර්ථක එකක් යැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
 
055
 



අදහස් (4)

‘මහින්ද අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවයි’

Ajith Nissanka Friday, 02 November 2018 02:38 PM

මහින්ද අගමැති කළේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සිංහල පිටපතට අනුවයි. එ්ක නිසා ලෝක ප්‍රජාව මට කෝචෝක් දාන්න කලින් පළමුව සිංහල ඉගෙන ගත්තොත් හොඳා!

:       10       509

nishantha Friday, 02 November 2018 04:42 PM

මේ මිනිස්සු ලංකාවේ මෝඩ යක්කු වගේ ඕනෙම බොරුවකට රැවටෙන අය කියලා හිතාගෙන වෙන්න ඇති සාර්ථක සංවාදයක් කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ... අනෙක් ඉතින් කියන දෙයක් තේරෙන එකක්යැ. යේස් යේස් කිව්වා නිසා සාර්ථක සංවාදයක් බව කිව්වා..

:       0       0

Gamini Friday, 02 November 2018 05:05 PM

රනිල්ගේ මාමන්ඩි වන ජේ. ආර් සමහර ජනපති බලයන් වෙනසකට ලක්කරනවා නම්, පාර්ලිමේන්තුවේ 3න් 2කේ බලයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද සම්මත කලයුතු වෙන ආකාරයටයි ව්‍යවස්ථාව සකසාගෙන ඇත්තේ... රනිල්ට මේ සුපිරි අසුනට එන්නට නොහැකි වූයේ, ඔහු ජනතාව අතරේ ගැවසෙන්නෙකු නොවි, ජත්‍යන්තරයේ කරක් ගැසීම හේතුකොටගෙනයි. ඔහු උගතෙක් වුවද හොඳ කතිකයෙක් නොවීමත්, ප්‍රශ්නවලට ප්‍රඥාවන්ත උත්තර නොදීමත්, කැපී පෙනන ලක්ෂණයන්ව පැවතිණි. ජේ.අාර්. ගෙනා ව්‍යවස්ථාවේ අවුලක් පවතිනවා නම්, එය ජනතාටත්, රටටත් නොව විරුද්ධ දේශපාලන පක්ෂ වලට පමණි.

:       0       0

sam Saturday, 03 November 2018 03:48 PM

19 වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. කියවන්න සිංහල සහ ඉංග්‍රීසි පිටපත් දෙකම. අගමැතිවරයා ඉවත්කරන්න පුළුවන් 42-2 වගන්තියට අනුව. ඇමති මණ්ඩලය අහෝසිවීම ගැන 48 වගන්තියේ තියන අන්‍යාකාරයෙන් කියන වචනය තමයි ජාතික ආණ්ඩුවට ගාවන්නේ. ජාතික ආණ්ඩුව කියන්නේ මොකක්ද කියල 42 4 සහ 5 වගන්තිවල තියනවා. අපේ තවම 92% කට ලියන්න කියවන්න පුළුවන්. කියවල තේරුම් අරගෙන මතයකට එන්න කියල මම යෝජනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site