IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මහින්දට වෙඩි නොවදින රථයක් දෙන්න ජනපති එකඟ නෑ

(අජන්ත කුමාර අගලකඩ)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව පළවී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම යෝජනාව අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඉදිරිපත් නොවූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

විපක්ෂ නායකවරයාට වෙඩි නොවදින මෝටර් රථ තුනක් දැනටමත් දී තිබෙන බව ජනාධිපතිවරයාද එහිදී ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ද ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්තැබුණු නමුත් අද දිනයේ එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව වාර්තා විය.

 



අදහස් (31)

මහින්දට වෙඩි නොවදින රථයක් දෙන්න ජනපති එකඟ නෑ

chathuri Tuesday, 04 June 2019 05:32 PM

යුද්දේ කාලේ නොතිබුණු වාහන දැන් මොකටද. මහින්ද බය වෙන්නේ ඇයි.

:       432       801

samTuesday, 04 June 2019 10:23 PM

මෙතන අහන්නේ නැති ප්‍රශ්නේ තමයි මහින්ද ඇත්තටම ඔහොම එකෙක ඉල්ලුවද කියල. නැත්නම් මේ අය ම මේක ගෙනල්ල ගණනක් ගහගෙන මහින්දට දෙන්ඩ යනවද කියල. නරකද එක ඉස්සල්ල කීවොත් ?

:       13       48

KumarWednesday, 05 June 2019 03:39 PM

යුද්දේ කාලෙ ලොක්කන්ට වෙඩි නොවදින වාහන තිබුනා. මුලින්ම තිබුනේ ඉන්දියාවෙන් ගෙන්නගත් වාහන. පසුව BMW ගෙන්න ගත්තා.

:       0       1

chandima Tuesday, 04 June 2019 06:13 PM

ගෙයින් ගෙට සෝදිසි කරලා සේරම තුවක්කු, කඩු කිනිසි ඇල්ලුවනම් ආයෙත් මොකටද වෙඩි නොවදින රථයක්? අපි වගේ වීදුරුව පල්ලෙහට දාගෙන හුලන් ටිකක් වැදී වැදී යන්නකෝ.

:       314       642

samansiri Tuesday, 04 June 2019 08:50 PM

හෙනරාජ තෛලය දාලා සුරයක් දාන්න. අපේ විපක්ෂ නායකතුමාට. අඩු වියදමින් වැඩේ ගොඩ...

:       0       8

susil Tuesday, 04 June 2019 09:33 PM

වෙඩි නොවදින මෝටර් රථ තුනක් දැනටමත් තියෙද්දී තව එකක් මොකටද? ප්‍රශ්නයක් නැහැ ඉතින් බදු මුදල් ඕනේ තරම් තියෙනවා නේ.

:       0       14

lal Wednesday, 05 June 2019 12:40 AM

මේ දේශපාලුවෝ හැමෝටම දෙන්න ඕනේ වෙඩි නොවදින වාහන නෙමෙයි 'හෙණ නොවදින' වාහන..

:       0       34

reks Wednesday, 05 June 2019 01:07 AM

රනිල් ද යෝජනාව ගෙනත් තියෙන්නේ? ඇයි කාදිනල් තුමාට දෙන්න ගිහින් අනාගත්ත එක අමතක වෙලාද?

:       0       19

lakvidu Wednesday, 05 June 2019 01:08 AM

එහෙනම් වෙඩි වදින රථයක් දෙමුද?

:       0       32

ranjith Wednesday, 05 June 2019 01:37 AM

දැන් හොදට පේනවා මේ දෙන්නගේ සම්බන්දය

:       0       70

sam Wednesday, 05 June 2019 01:44 AM

දැන් ඔය මෝටර් රථය මහින්ද ඉල්ලපු දෙයක් නෙවෙයි නේද? මේ ලඟදි පවිත්‍රා වන්නිආරච්චි කියල තිබුන රනිල් විපක්ෂනායකට දේවල් ඉල්ලන්නේ රනිල් ළඟදීම විපක්ෂ නායක වෙන නිසා කියල. ඒ අනුව හිතෙන්නේ මේක රනිල්ගේ උවමනාවට පමණක් වෙන දෙයක් කියලා.

:       4       163

echathuri Wednesday, 05 June 2019 02:09 AM

දැන් මේ වෙඩි නොවදින වාහන වල යනකොට හෙන සමග අකුණු සර වැදුනොත් මොකද කරන්නේ ඊට වැඩිය නරකද හෙල්මට් එකයි බුලට් ප්රුෆ් වෙස්ට් එක ඇන්දනම් , මේක ඇඳගෙන ඕන තැනක ඉන්න පුළුවන් රැස්වීම තියනකොට. , වෙඩි නොවදින වහනයෙන් බිමට බැස්සම වෙඩි තිබ්බම කාට කියන්නද ..

:       0       26

mp Wednesday, 05 June 2019 02:11 AM

රටට සල්ලි නැහැ කිය කියා මංගල නාහෙන් අඬ අඩා මිනිසුන්ට බදු ගහනවා. ඉතින් නැති සල්ලි මේ එක්කෙනෙක් ආරක්ෂා කරන්න වියදම් කරන්නේ කොහොම ද?

:       0       4

Kumar Wednesday, 05 June 2019 02:13 AM

අනේ ජනාධිපතුමනි, මහින්ද මහත්තයට අනුකම්පකරලා අර හිටපු අරක්ෂක ලේකම් තුමා පාවිචිකල වෙඩි නොවදින වාහනෙවත් දෙන්නකො. ඔබතුමාට පිං අයිති වෙනවා.

:       1       1

චමින්ද Wednesday, 05 June 2019 02:22 AM

ජනපතිගේ අදහස හරි වෙඩි නොවදින කාර් තුනක් තිබියදී තවත් එකක් කුමටද..කෙනෙකුට එකවර කාර් තුනක යන්න බැහැ. එකක් කැඩුනනම් දෙකක් තියෙනවා. වාහන තුනම එකවර කැඩෙන්නේ නැහැනේ 226 ම පෙරට ගමනේනේයාාාා

:       0       29

C.K.Lankadeepa. Wednesday, 05 June 2019 04:36 AM

මේ දීමයි නොදීමයි එකම නාට්‍යක කොටස්. මේවා බලලා මිනිස්සු ගොනාට අදිනවා.

:       0       97

wedage Wednesday, 05 June 2019 05:39 AM

ඕක ඊළඟ විපක්ෂ නායක තුමාට අරන් තියෙන්න යන්නේ......

:       17       328

රවින් Wednesday, 05 June 2019 06:00 AM

අර විශේෂ කවුන්සලේ (ආරක්ෂක හා අනිකුත් සියලුදේ ) අයට නම් ගල් නොවදින, පොදු ජන සාපය නොවදින රථ පමණක් නොවේ , ගෙවලුත් ගන්න වෙයි වගේ.

:       0       17

irunikaa Wednesday, 05 June 2019 06:32 AM

එක තමයි මහා රෑ අගමැති කම දුන්නේ? කාටද මේ සුදුලූනු පොඩිකරන්නේ

:       0       87

de silva Wednesday, 05 June 2019 07:11 AM

දැනට තිබෙන ඒවා සම්පුර්ණ රෙපයාර් එකක් කරලා භාවිතාවට ගන්න කියන්න, වෙඩි නොවදින රථයක් සාමාන්‍ය ඒවාට වැඩිය 10 ගුණයක් විතර මිලක් වෙනවා , අනිත් එක ඕව පස්සේ වෙන්දේසියේ විකුනන්න බැහැ , මහින්දලා රනිල්ලා රටට ඔච්චර ආදරේනම් මෙහෙම රටේ ධනය නාස්තිකරන්නේ නැහැ , අනිත් එක විශ්‍රාමික ජනාධිපති කෙනකුට එක වෙඩි නොවදින රථයක් තිබුනහම ඇති මුළු පවුලේම භාවිතයට මේවා දෙන්න ඕනේ නැහැ

:       0       12

kamal Wednesday, 05 June 2019 08:59 AM

වෙඩි නොවදින රථයක් දෙන්න හිත නැද්ද? එහෙනම් හිත තියෙන්නේ වෙඩි වදින රථයක් දෙන්නද?

:       1       0

sirimal Wednesday, 05 June 2019 09:12 AM

එහෙනම් ඉතින් තියෙන්නේ වෙඩි වදින එකක් දෙන එකනේ. දෙසැම්බරයේ පැවැත්වෙන ජනාධිපති වරණයට ඉදිරිපත්වෙන්නේ නැති බවත් එක්සත් ජනතා සන්ධානය නම්කරන අපේක්ෂකයා දිනවීම සඳහා සම්පුර්ණ සහයෝගය ලබාදෙන බවත් අද ඇමති මණ්ඩලයට කිවා කියලයි අපට ආරංචි. ඒ අතරේ පුජ්‍ය රතන ස්වාමින්වහන්සේගේ උපවාසය පිටුපස හිටියේ කවුද කියලත් දැන් ලොකු කතා බහක් පටන් අරගෙන තියෙනවා. අපට හිතා ගන්න පුළුවන් පසුගිය මාසයේ සිදුවුන පුදුමාකාර දේවල් නිසා රටේ බහුතරය අතරේ ඇවිලීගිය "අලුත් ජාත්‍යාලය" ජනාධිපති වරණයට ඉදිරිපත්වෙන බවට දැනට ප්‍රකාශකර ඇති අපේක්ෂකයා වැනි දේවල් එකට එකක් පුට්ටු වෙන්නේ කොයි ආකාරයකටද කියලා.

:       24       145

kamil Wednesday, 05 June 2019 09:54 AM

වෙඩි නොවදින වාහන මොකටද මහා ජනතාවට සේවය කරන්න හැබැයි මහත්තයෝ හෙන නොවදින ඇදුම් ගොඩාක් ගෙනාවනම් ඉතා හොදයි

:       0       33

jagath Wednesday, 05 June 2019 09:55 AM

හෙන නොවදින ඇදුම් ගොඩාක් ගෙනාවනම් ඉතා හොදයි

:       0       43

de silva Wednesday, 05 June 2019 10:24 AM

වර්තමානයේ ත්‍රස්තවාදී තර්ජන වැඩියෙන්ම තිබෙන්නේ , මැල්කම් රන්ජිත් කාදිනල් තුමාට , එතුමත් ජනතා මුදලින් දෙන්න හැදුව ඔය වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කරනවා නම් , පරණ දේශපාලකයන්ට තිබෙන ඒවාට අමතරව තව අලුතෙන් දෙන්න අවශ්‍යද ?

:       1       61

Bamunuarachchi Wednesday, 05 June 2019 11:51 AM

මහින්දට වෙඩිනොවදින කාර් එපා. හැබැයි අර හිටපු විපක්ෂ නායකයාට සහ හම්බ ඇමතියන්ට තනතුරට දීලා තිබෙන වාහන ආපසු රජයට ගන්න.

:       0       1

raviWednesday, 05 June 2019 12:36 PM

ඔය ඕන.. වෙඩි නොවදින වාහනවල ගමන්කරන අයට වදින දෙයක් මම හොයාගෙන තියනවා ..!! එ්කට කියන්නේ "මෝල්ගහ" කියලා ! ඔය වෙඩි නොවදින කාර් එකෙන් බහිනකොටම.. දෙන්නකෝ එකක් ඔලුවට .. අන්න එදාට තමයි.. මෙයාලා, වෙඩි නොවදින වාහන වෙනුවට.. වේගයෙන් දුවන්න පුළුවන් " කකුල් දෙකක් " ඉල්ලාගෙන එන්නේ ..!!!

:       0       52

jinasoma Wednesday, 05 June 2019 12:35 PM

බොරුවට වෙඩි නොවදින වාහන ගේන්න එපා. ඔයාලට කවුරුත් වෙඩි බෝම්බ තියන්නේ නෑ. ස්වභාවධර්මයා දඬුවම් දේවි... එ්කෙන් බේරෙන්න බෑ ගොයියෝ..

:       0       57

tharindi Wednesday, 05 June 2019 12:55 PM

ජගත් ඔබ හරියටම හරි

:       0       10

Bishan Wednesday, 05 June 2019 02:07 PM

අගමැතිකම දෙන්න පුලුවන් නම් කාර් එකක් දෙන්න බැරිද?

:       1       4

kamali Wednesday, 05 June 2019 04:47 PM

මොකද එකතු වෙන්න බෑ කියනවද දැන්

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 370 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 477 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1303 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 183 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 248 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 197 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 38 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site